වින්ඳිතයින්ගේ සාහිත්‍යය සහ දූෂකයන්ගේ සාහිත්‍යය

0
180

IMG_3077newස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට මීගමුව අධිකරණය ඉදිරිපිටට අද හිමිදිරියේම කාන්තාවන් පිරිසක් පෙළගැසී සිටියහ. ඔවුන් විවිධ වයස් කාණ්ඩ වලට අයත්  කාන්තාවෝ වූහ.
කිරි දරුවන් අතතැව සිටි තරුණ මව්වරුන් ද, ලොකු අම්මලා මෙන්ම දියණියෝද සිටියෝය.
ඔවුන් අත තිබූ විරෝධතා පුවරු අතර වෙනස් වෙනස් අදහස් ,ගලපා තිබුණ අතර ඒ සියල්ල තම ගමේ කාන්තාවකට සිදුවූ ලිංගික හිංසනය උහුලනු නොහැකිව ලියූ විරෝධී අදහස්ම විය. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද ඒවා ලියැවී තිබිණි.

සැමියා ගෙයි නැති අතරේ
ධනපතියා ගෙට ආවේ
දෑත් දෙපා බැද දැමුවේ
අසරණ ඇය කෙළෙසූවේ

ලෝයගේ සැමියාට ස්ත්‍රී දූෂණය කැපද ?

සැමියන් රැකියාවට යන අතරතුර
බිරියන්ගේ ජීවිත අනතුරේ

කිරි දරුවා හඩයි
මව දූෂනය කරයි

Dont check who is done
Check what is done IMG_3078new

මේ කාන්තාවන්ගේ හදවතේ කම්පනය මේ අකාරයට සාහිත්‍යයට නැගී තිබුණ අතර
එහි පණිවිඩ රැසක් තමන්ගේ සමාජය ගැනත්, සමාජයේ පංති ඛේදය ගැනත් හුවාදක්වා තිබුණි. ඒ සමහර පාඨ වල අපූරු ගැලපිමක් ඇති බවත් දැනුණි.
ඒ වගේම ස්ත්‍රී දූෂකයන්ගේ  නිදොස්කම වෙනුවෙන් අලංකාර වදන් ද අධිකරණය අවට දෝංකාර දෙනු  ලැබුවේ මෙසේය.
”.. බඩුවක් ගහද්දි මචං සීරෙන්නේ නැතිව තුවාල කරගන්නේ නැතුව කරන්ඩ දැනගන්ඩ ඔ්නා නැද්ද ?  බඩු ගහන එකෙයි   දූෂණයෙයි මචං  පෛාඩි වෙනසක් තියෙන්නේ. ඔ්ක කොහොමද ඔප්පු කරන්නේ ?  ඔ්ක ඉතින් කෝටු කෑල්ලකින් හරි තුවාල කරගන්ඩ පුලුවන්නේ ..නැද්ද ?
IMG_3072new IMG_3076new IMG_3083new IMG_3089new IMG_3091new IMG_3107new IMG_3116new IMG_3121new IMG_3126new IMG_3131newජසින්තා නිර්මලී

Save

Save

Save