60 ට වැඩි රටේ සැමට විශ්‍රාම වැටුපක් ඉල්ලා ධර්මලිංගම් රටවටා පාපැදියෙන් යයි !

0
62

DarmDarmalingum 7ධර්මලිංගම් වව්නියාවේ සමුපාකාර සංගමයක ලේකම්වරයෙකි.
රට  තොට ගැන නිතර උනන්දුවකින් කටයුතු කළ ඔහුට අසන්නට ලැබුනේ ලෝකයේ ඇතැම් රටවල වියපත් ජනයා බලා ගැනිම සදහා රාජ්‍ය වැඩපිළිවෙලක් ඇති බවය.
මේ රටතුල සංවාදයක් ගොඩනගන්නට සිතු ධර්මලිංගම් ධෛර්යවන්න වැඩකට අතගැසුවේය.
ඒ මේ පණිවිඩයත් සමගින් රටවටා දින 11 ක් පුරා පාපැදියෙන් ගමන් කිරිමටය.darmalingum 5
ඔහු සිය රටවටා පාපැදි චාරිකාව අප්‍රේල් 08 වෙනිදා වව්නියාවෙන් ආරම්භ කරන්නට යෙදුණි.
එතතින් යාපනයටත් පසුව මන්නාරම පුත්තලම ඔස්සේ අප්‍රෙල් 12 වනාද රාත්‍රියේදි මීගමුව ලගාවිය.
එදින ඔහුගේ රාත්‍රි නවාතැන් පළ වනුයේ වැල්ලවත්ත ප්‍රදේශයයි.
ලොකු පිළිගැනිම් නොතිබුණද ධර්මලිංගම්ගේ අරමුණ තවමත් එක එල්ලේමය.

කළු පැහැති කමිසයක් ඇද සිටින්නේ ධර්මලිංගම්ගේ ගමන් සගයාය
කළු පැහැති කමිසයක් ඇද සිටින්නේ ධර්මලිංගම්ගේ ගමන් සගයාය

ඔහුගේ තනියට යතුරුපැදියකින් යන මිතුරෙකුද විය.
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදි මීපුර කැමරා කාචයක මේ දිරිය මිනිසාගේ රුව සටහන් කරගැනිමට අපටත් හැකිවිය.