මීගමුවට මාළු එන්න පටන් ගනියි !මිළ ගණන් සාමාන්‍ය අතට හැරෙන ලකුණු !

0
57

fish fm japan 1අළුත් අවුරුදු උත්සවය සහ පාස්කුව හේතුවෙන් මීගමුවේ පැවැති මත්‍යස්‍ය හිගය දැන් පහව යන්නට පටන්ගෙන ඇති මංකුලියේ ලේලලමේ ආරංචි මාර්ග දක්වා සිටි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු නාගරික මන්ත්‍රි සංගීත් පෙරේරා පවසා සිටියේ දැන් මාළු ටික ටික ලංකාවේ හැමතැනකින්ම එන්නට පටන් ගෙන ඇති බවය.
එහෙත් අද මාළු මිලට ගැනිම සදහා පැමිණි වෙළදුන්ගේ යම් හිගයක් පැවැති බවද හේ සදහන් කළේය.
කෙසේ වෙතත් මාළු මිල සාමාන්‍ය අතර හැරෙන් ලකුණු කියමින් උත්සව සමයේ ගිණිගණන්ව පැවැති මිළ ගණන්වල යම් පහල යාමක් අද දැකගතහැකිව තිබේ.
රු 500 කටත් වඩා මිළකට ගිය හුරුල්ලන් රු 300 කටද,ලින්නා රු 250-300 අතර මිළකටද,බලයන් රු 300-350 ත් අතර ගණනකට මිල පාරාසයක් පැවැතිණි.