පසුගිය 22 වනදා ලංකාදිප පුවත් පළව තිබු මීගමුවේ ධීවර කර්මාන්තය සම්බන්ධ පුවතකට විරෝධය පළකරමින් මීගමුව ධිවර සංවිධානවල ප්‍රධානින්ගේ විශේෂ පුවත්පත් සාකච්ජාවක් කම්මල් තොටුපලේ දි අද පැවැත්විණි.
මේ සදහා නිමිත්ත වි තිබුනේ මීගමුවේ කුඩා බෝට්ටුකරුවන් 3000 ක් පමණක් ඉතා පැහැදිලි ලෙසම විරෝධය පළකර ඇති පෝඩු දැල් නම් වු නීති විරෝධි පන්න ක්‍රමයයි. මෙම තහනම් පන්න ක්රමයේ නිරත වන ධීවර බෝට්ටු මීගමුව සහකාර ධිවර අධ්යක්ෂවරයාගේ මුලිකත්වයෙන් නාවික හමුදාවේ හා පොලිසියේ සහයෙන් මුහුදේදි අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරිම නිති විරෝධි බවත් එම හේතුව නිසා සහකාර ධිවර අධ්‍යක්ෂකවරයාව මාරුකළ යුතු බවත් අදහස් කරන පුවතක් ලංකාදිප පුවත්පත විසින් පළකර තිබුණි.
මෙහිදි අදහස් ඉදිරිපත් කළ ධීවර සංවිධාන නියෝජිතයන් කියා සිටියේ ලංකාදිප පුවත් පත විසින් කිසිදු සොයාබැලිමකින් තොරව ශ්‍රිලංකාවේ දැනට ක්‍රියාත්මක නීතියට සම්පුර්ණයෙන් පටහැනි කරුණු සහිත පුවතක් පළකරමින් සිය පාඨකයාව නොමග යවා ඇති බවයි.
මාර්තු 15 වනදා ධිවර කාර්යාලයේදී මේ සම්බන්ධයෙන් පැවැති රැස්වීමකදී ධීවර අධ්‍යක්ෂකවරයා විසින් කියා සිටි සිටියේ මෙම පෝඩු දැල් පන්න ක්‍රමය ධීවර අමාත්‍යාංශ්‍ය විසින් අවසර දී ඇති දැල්පන්න ක්‍රම 17ට ඇතුළත් නොවන බවයි.