අළුත් රටක් සඳහා අළුත් ව්‍යවස්ථාවක් මිගමු සම්මන්ත්‍රණය!

0
141

dav

dav

tmp_22014-FB_IMG_1493437048180343344556

අලුත් රටක් අලුත් ව්‍යවස්ථාවක් තේමා කොට ගත් ප්‍රාදේශීය සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න ඊයේ දිනයේ මිගමුවේදි පැවැත්විණි .අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය ගම්පහ දිස්ත්‍රික් සභාව විසින් එය සංවිධානය කර තිබුණි.මිගමුව තම්මිට කාර්දිනල් කුරේ මධ්‍යස්ථායේ පැවැති මේ සම්මන්ත්‍රණය සදහා ප්‍රවින ගායන ශිල්පි ජයතිලක බණ්ඩාර විසින් සිය ගීතමය කතිකාවද එක්කොට තිබිණි.tmp_22014-FB_IMG_1493437057096-1374552020tmp_22014-FB_IMG_1493437025066-1691874587tmp_22014-FB_IMG_1493437030092-335869320පැයක් පුරාවට පැවැති මෙි ගීතමය වැඩසටහනේදි ඔහු අවධාරණය කර මේ රට යළිත් ලේ විලක් කරන්නට කව්රුත් කැමැති නැති බවත් එය කල හැක්කේ බලය බෙදාගන්නා නව ව්‍යවස්ථාවක් තුල බවය.මෙම හමුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ගාමිණි වියන්ගොඩ මහතා කියා සිටියේ අලුත් රටක් ගොඩ නැගිම වෙනුවෙන් අපට ලැබි ඇති අවසන් අවස්ථාව මෙය බවය.මෙම අවස්ථාව සදහා මිගමුව එජාප සංවිධායක රොයිස් විජිත මෙන්ම ශ්‍රිලනිප සංවිධායක ලලිත් ඩෙන්සිල් ඇතුලු හිටපු නාගරික මන්ත්‍රීන් පිරිසක්ද එක්ව සිටියහ.පුරවැසි බලයේ ලුෂන් බුලත්සිංහල ,කේ.ඩබ්.ජනරංජනද පැමිණ තිබුණි .නිදහසේ වේදිකාවේ කැදවුකරුවන වන බ්‍රිටෝ ප්‍රනාන්දු ,නිතිඥ සුදර්ශන ගුණවර්ධන මෙහි මුලසුන නියෝජනය කරන ලදි.හිටපු ධීවර ඇමතිවරයෙකු වන ෆීලික්ස් පෙරේරා ද මේ හමුවට පැමිණ තිබුණි

.ඡායා-ප්‍ර්‍රසංග ප්‍රනාන්දු