මීගමුවේ රෝහලේ කැඩුනු රෝද පුටු අළුත් වැඩියාවට දොන් බොස්කෝ විදුහල මැදිහත්වේ !

0
265

dav

මීගමුව රෝහල අද මුහුණ දෙමින් ඇති බරපතල අර්බුදය ගැන පැවැති විශේෂ රැස්විමකදි රෝහලේ අධ්‍යක්ෂකතුමිය විසින් දැනට රෝහල තුල ඇති අවශ්‍යතා පිළිබදව කරන්නට යෙදුන පැහැදිලි කිරිමකදි එහි රෝද පුටු බරපතල ලෙසින් අබලන්ව තිබිම ගැනද සදහන් කරන්නට යෙදුණා.
මෙම රැස්විමට සහභාගි වි සිටි දොන් බොස්කෝ විදුහලේ අධ්‍යක්ෂක ගරු පින්ටෝ  පියතුමන් විසින් දැනට රෝහලේ අලුත් වැඩියා කරන්නට ඇති සියළුම රෝද පුටු සිය විදුහලේ සිසුන් ලවා අලුත් වැඩියා කර දිම සදහා වගකිම භාරගෙන දින කිපයක් තුල ඒ සියළු අලුත්  වැඩියා කිරිම් නිමා කොට රෝහල වෙත ලබා දි ඇති බව සැලය.