සුරුවම් ආරවුල ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්……….?????

0
104

මීගමුව මහනගර සභාව විසින් නව පුස්තකාල සංකිර්ණයක් ඉදිකිරිම සදහා මීට වසර කිපයකට ඉහතදි පවරා ගන්නට යෙදුන ඉඩම ඒ කටයුත්ත සදහා යොදා ගෙන නොතිබුණි.එකි ඉඩමේ කොටසක් කිතුණු ප්‍රතිමාව ස්ථාපිත කිරිමට ඉඩ ලබානොදිම සම්බන්ධයෙන් කතෝලික සභාවේ මුලිකත්වයෙන් බෙදා හැරුණ පත්‍රිකාවල මෙන්ම තවත් අවස්ථාවලදිද මතු කර තිබුණි.

එමෙන්ම එකි ඉඩමේ කොටසක බුදු පිළිමය තැබිමට අවසර ලාබා දි තිබිම ගැනද විවේචන ඉල්ල කර තිබුණි.කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බුදු පිළිමය ස්ථාපිත කිරිමට අදාලව බාධා කිරිම් වලකන ලෙස ඉල්ලමින් නියෝගයක් නිකුත් කර තිබුණි.එකි නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට යොමු කර තිබුණ  නඩුවක් ඔක්තෝබර් 04 වන  දින විභාගයට ගැණුනු අතර එහිදි තින්දු කර තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණයට විසින් කරන ලද නියෝගයට පටහැනිව යන්නට අභියාචනාධිකරණයට නොහැකි බවය

.මෙම නිතිමය පටලැවිල්ල  වඩාත් ගැඹුරින් විමසාලන අවස්ථාවලදි අපට පෙනි ගිය කරුණු කිපයක් ඔබේ අවධානයට යොමු කිරිමට කැමැත්තෙමු.

1.සියළු පහසුකම් වලින් සමන්විත පුස්තකාලයක්  ඉදිකිරිම සදහා මුදල් පවා අනුමතව තිබියදි පැවති නගර සභා පාලනයන් විසින් ඒ කටයුත්ත ඉටු කළේ නැත.එය පැහැදිලි වැරැද්දකි. එපමණක් නොව අදාල කටයුත්ත සදහා පවරා ගත් ඉඩම ඒ වෙනුවෙන් යොදානොගත්තේ නම් එය නැවත අයිතිකරුවන් වෙත පැවරිය යුතුව තිබුණි.එහෙත් එය සිදු කෙරුනේ නැත.මේ වැරදි දෙකම බරපතලය. එහෙත් මේ වැරදි සම්බන්ධයෙන් කතෝලික පල්ලියේ පියවරුන් සහ අනෙකුත් කොටස් මේ ප්‍රශ්ණ ගැන වගක්වත් ගත්තේ නැත.පන්සලද එසේමය. නිහඩ බවම රැක්කේය.මේ කිසිවෙකුත් මීගමුව ජනයාගේ සහ විශේෂයෙන්ම පාඨකයන්ගේ අයිතිය වෙනුවෙන් කිසිදු මැදිහත් විමක් සිදු කර තිබුනේ නැත.

2.තතු එසේව තිබියදි කතෝලික පල්ලියේ සුරුවම තබන්නට පුස්කාලයට වෙන්වු ඉඩමේ කොටසක් ලබා නොදිමත් පන්සලේ බුදු පිළිමය තබන්නට අනුමැතිය දිමත් යන කරැණු මුල් කරගෙන කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය අදාල බලධාරින් වෙත විචේචන එල්ල කරමින් බරපතල උද්ඝෝෂණයකට අර ඇද්දේය.මෙකි විචෙනයන්ගේ කේන්ද්‍රීය කරැණ වි තිබුනේ පුස්තකාලය සදහා වෙන්වු ඉඩමේ කොටසක දේව ප්‍රතිමාව තැබිමට  ඉඩ කඩ නොලැබිම නොවේද??????

ඉඩ ලැබුනාම් තතු කෙසේ වෙනු ඇතිද????????

සටන් කළයුතුව ඇත්තේ ප්‍රතිපත්ති වෙනුවෙනි. අපට නොලැබුන නිසා හෝ නොලැබෙන නිසා නොවේ.නොහැදුන පුස්කාල වෙනුවෙන් ශාසනආරක්ෂක බලමණ්ඩලය පාරට එන දිනය කවදාදැයි මීගමුවේ පාඨකයෝ බලා සිටිති.