මැයි දිනය දා සරත් ගුණරත්නට දයාන් ලංසා ප්‍රසිද්ධියේ අවමන් කරලා ?

0
50

sarathසරත් ගුණරත්න යනු ශ්‍රිලනිප තුල සිටින ජේෂ්ඨ දේශපාලනඥයෙකි.එපමණක් නොව කිසි කලෙක පක්ෂය හැර යමින් බල්ටි ගසන්නට කිසි කලෙකවත් නොසිතු අයෙකි.
1989 එජාප භිෂණ සමයේ තර්ජන මැද මීගමුවේ සිවිල් ක්‍රියාකාරින් හා එක්ව වගකිමෙන් ආරක්ෂා කරගැනිමේ පණතට එරෙහිව ලංකාවේ පැවැති එකම රැස්විම සංවිධානය කිරිමට මුල්වුවෙකි.
තතු එසේ වුවද කළ සල්ලි මතින් දැන් පිණුම් ගසන එජාප පවුලක සිට ශ්‍රිලනිපටය පැනපු දයාන් ලංසා මෙවර මැයි දිනයේදි සරත් ගුණරත්නට ප්‍රසිද්ධියේ අවමන් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ මීගමුවේ ක්‍රියාකාරිකයෙකු මීපුර වෙබ් අඩවියට කියා සිටියේය.
දයාන් ලංසාගේ නම යොදා බැනර් ගසා බස් රැගෙන යාම මින් එකකි. මීටත් වඩා බරපතල කරුණ ලෙසින් ඔහු කියා සිටියේ සරත් ගුණරත්න ඉදිරිපිටදිම දයාන් ලංසාට ජයවේවා යැයි කියා සටන් කියවන්නට දයාන් ලංසා තම ගෝලබාලයන් මෙහෙයවා තිබිමය.
ලංසා පවුල කල්පනා කරණුයේ ශ්‍රිලනිප ජේෂ්ඨයෙකු සරත් ගුණරත්නව කෙසේ හෝ දේශපාලනිකව විශ්‍රාම යවා ලංසා පවුලට මීගමුවෙ ශ්‍රිලනිප බලය ලබන්නටය.
මේ සටකපට කම් ඉදිරියේ සරත් ගුණරත්න දේශපාලනික පිළිතුරු සොයන අකාරය අනුව මීගමුවේත් සරත් ගුණරත්න මහතාගෙත් අනාගතය තින්දු වෙනු ඇත.