ඕස්ට්‍රේලියානු ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රීය සබදකම් ආරම්භයේ 70 වන වසර සැමරේ..

0
71

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ප්‍රාජාතාන්ත්‍රීය සම්බන්දකම් ආරම්භ කර වසර 70 සපිරීම නිමිත්තෙන් වන සැමරුම් උළෙලක් පසුගිය අප්‍රේල් මස 29 වනදා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය විසින් සංවිධානය කොට තිබිණි. එම සැමරුම් උළෙල සංකේතවත් කරමින් ඔවුන් සංවිධානය කර තිබුණේ ලේ දන් දීමේ වැඩසටහනකි. මෙම ලේ දන්දීමේ වැඩසටහනට රතුතුරුස සංවිධානය හා කැන්බෙරාහි ශ්‍රී ලංකා සමාජයද සිය සහයෝගය දක්වා තිබිණි.
අප්‍රේල් 29 වනදා සුවිශේෂී වන්නේ 1947දී පළමු ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් චාල්ස් ෆ්‍රොස්ට් මෙරටට පැමිණ කොළඹ කාර්‍යාලය ස්ථාපිත කල දිනය වීම නිසයි.

එම අවස්ථාවේදී ලේ හා රුධිර ප්ලාස්මා 80කට අධික ප්‍රමාණයක් දන්දීම සිදුවී ඇති අතර සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු වැසියන් 270කගේ පමණ ජීවිත බේරා ගැනීමට එම ප්‍රමාණය ප්‍රමාණවත් බව කැන්බෙරාහි රතුකරුස සමාජය සදහන් කරන අතර මෙම රුධිරය දන් දීමේ වැඩසටහනට සහභාගී වූ පිරිස අතර මහ කොමසාරිස් කාර්‍යාලයේ නිලධාරී පිරිස,වෙලද හා විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කැන්බෙරාහි ශ්‍රී ලංකා සමාජයේ සාමාජිකයන්ද  හභාගී විය.

මෙ අවස්ථාවට සහභාගී වූ ව්‍යාවස්ථාදායක සභාවේ සාමාජික සුසෑන් ඔර් මහත්මිය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලය වෙත සුභ පතමින් කියා සිටියේ ප්‍රජාතාන්ත්‍රීය සබදකම් වල 70වන සංවත්සරය සැමරීම සදහා තෝරාගත් මෙම ක්‍රමය ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ඇති හොද හික හා බැදීම සංකේතවත් කරන බවයි.

එලෙසම එම අවස්ථාවේදී අදහස් දක්වමින් මහකොමසාරිස් කියා සිටියේ මේ වන විට ඕස්ට්‍රේලියාව තමන්ගේ නිවහන කරෙගන සිටින් ශ්‍රී ලාංකිකයන්150000කට ආසන්න ප්‍රමාණයකට ඕස්ට්‍රෙලියානු ජාතිකයන් දක්වන හොද හිතට කලගුණ සැලකීමක් වශයෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය වූ බවයි.

ඕස්5

ඔස්5

 

ඕස්2

ඕ

ඕස්1

ඕස්6

ඕස්4

ඕස්3