මීගමුව පාසල් තුල මහා පාරිමාණ මුදල් වංචාවක් සිදු කිරීමට සුදානමක් ?

0
84

stock-photo-money-863060502016 වසරේ අපොස (සා .පෙළ) විභාගය සමත්ව උසස් පෙළ සදහා සුදුසුකම් ලද සිසුන් තම පාසලේම උසස් පෙළ පන්ති වලට ඇතුලත් කර ගැනීම සදහා දෙමව්පියන් විසින් රුපියල් දස දහසක මුදලක් ගෙවිය යුතුය.තවද වෙනත් පාසලකින් පැමිණෙන සිසුන්ගෙන් රුපියල් විසි දහසක් අය කිරීමට සුදානමක් ඇත.
උදාහරණයක් ලෙස තම පාසලේම ළමුන් 100 දෙනෙකු හා පිට පාසල් වලින් ළමුන් 100 දෙනෙකු උසස් පෙළ සදහා ඇතුලත් උවහොත් එම පාසලට රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලැබේ.පාසලක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා යම් මුදලක් අය කිරීම දෙමව්පියන් හට ප්‍රශ්නයක් නොවන අතර මෙතරක් වීශාල මුදලක් අයකිරීම ප්‍රශ්නයකි.
නමුත් මුනිවත රැකීම හැර වෙනත් කිසිවක් කිරීමට ඔහුන්ට නොහැක. මන්දයත් මුදලට වඩා තම දරුවාගේ ඉගෙනීම ඔහුන්ට වටිනා බැවිනි.
මෙය මීගමුව ශාන්ත මරියා මහා විදුහල, ආවේ මරියා විදුහල සහ මීගමුව නගරයේ තවත් පාසැල් රැසක සිදුකිරීමට සුදානම්ව ඇති මහා පරිමාන මුදල් වංචාවකි.මේ පිලිබදව දැනටමත් දෙමව්පියන්ව දැනුවත් කර ඇත. මෙම මුදල් ගනුදෙනුවේ විනිවිද භාවය ගැන දෙමව්පියන්වද දැනුවත් කර නොමැත.

සටහන : මීගමුව ශාන්ත මරියා විදුහලේ ඉගෙනුම ලබන දරුවෙකුගේ පියෙකු විසිනි.