H.I.V. AIDS පතුරවන බවට බොරු ප්‍රචාර ගෙනගිය FBපිටුවලට එරෙහිව CIDට පැමිණිල්ලක්..

0
50

සෞඛ්‍ය නිලධාරීන් විසින් රාත්‍රී කාලයේදී නිවෙස් වෙත පැමිණ නිවැසියන්ගෙන්  ලේ සාම්පල් ලබා ගැනීම හරහා H.I.V. AIDS රෝගය බෝකිරීමට උත්සහ දරන බවට අසත්‍ය කටකථාවක් සමාජ මාධ්‍ය හරහා පැතිරවූ සමාජමාධ්‍ය වෙබ්අඩවි වෙත CID පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මෙසේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විසින් ලේ සාම්පල් ලබා ගන්නා බරවා රෝගය ඇත්දැයි පරික්ෂා කිරීමට බවයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අනුදැනුම මත බරවා තුරන්කිරීමේ ඒකකය විසින් මෙම පැමිණිල්ල CIDවෙත ඉදිරිපත් කර තිබෙනවා. වැඩි දුරටත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ බරවා කීටයන් රාත්‍රී කාලයේදී වඩාත් ක්‍රියාකාරී වන නිසා මේ ආකාරයෙන් රාත්‍රී කාලවලදී ලේ සාම්පල් ලබා ගැනීම සිදුවන බවයි.එලෙසම මෙසේ පැමිණෙන සියළුම නිලධාරීන් පැමිණෙන්නේ නිලඇදුමින් හා තමන්ගේ හැදුනුම්පත් සහිතව බැවින් කිසියම් පුද්ගලයෙකුට එහි සත්‍ය අසත්‍යතාවය සෙවීමට අවශ්‍යනම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන්ගෙන් විමසන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Untitled-1

www.dailymirror.lk ඇසුරිණි