රැහැන් රහිත දුරකථන වලට අකුනු වදින්නේ නෑ. 4G වයිෆයි රවුටරේට හෙණවැදුණට මැෂින් පිච්චෙන්නේ නෑ.! (අලුත් රවුටර් වල බැකප් බැටරියකුත් තීනවනෙ)
මම ලංකාවේ හතර දිග්බාගේම කොම්පියුටර් හයිකරලත් තියෙනවා, CCTV හයිකරලත් තියෙනවා. ඉතින් ගොඩක් ගෙවල් වල මැෂින් අල්ලද්දි අත කූචිකනවා… නියුට්‍රල් එකෙයි පේස් එකෙයි දෙකේම කරන්ට් එක එනවා.. ඕවා ලංකාවේ 80%ක් ගෙවල් වල පොදු දේවල්. ඒවා හදාගන්නැතුව බඩු කැඩුණාම උස්සං එනවා. දැන් එන විදුලි උපකරණ හා පරිගණක උපාංග සියල්ලම ඉතාම සියුම් සහ සංවේදී පරිපථ වලින් හදල තියෙන්නේ.. පිටකොටුවෙ හෙණයක් ගැහුවාම මරදානේ කැමරා පිච්චෙනවා..!
බොහෝ දෙනෙක් නොකරන දෙයක් තමා ගෙදර අර්ත් එක හදාගන්න එක. ඒක මොකක් හරි බටේකට අමුණල තියෙනවා..ඕක අවුරුද්දක් විතර යද්දි ඒවාට මේවට පැටලිලා කැඩිලා යනවා. හරි විදියට නං තඹ කූරක් හෝ දෙකක් පොළවට බස්සල ඒවා සම්බන්ධ කරන්න ඕනි ඝන තඹ වයරයකින්. පොළවෙ තැන් තැන් වල ප්‍රතිරෝධ අගය වෙනස් නිසා දෙතැනකට ගහන එක හොදයි. ගොඩක් අය ලුණු දානව..අගුරු දානවා… පතුලට.. විද්‍යානුකූලව අර්ත් කරන එක මීට වඩා දිග සහ සංකීර්ණ කථාවක් නිසා ඒක පස්සෙ දවසක කියන්නං..
ඉතින් හරියට අර්ත් එක හදාගන්න.. ඊට පස්සෙ ගෙදර වයරිං එක හොද කෙනෙක් ලවා පරීක්ෂා කරගන්න. අරහෙන් මෙහෙන් ගල් මාට්ටු දාලා.. සොකට් වල වැලි පිරිලා, ෆියුස් බෝඩ් තාම අර කම්බි මාරු කරන ටයිප් ඒවා. ඒවා විසිකරල හොද සර්කිට් බ්‍රේකර් කට්ටලයක් වගේම ඉහළ ගුණාත්මයකින් යුත් ට්‍රිප් ස්විච් එකක් දාගන්න. ‘ඔරේන්ඊජ්‘ කියන කබල් බ්‍රෑන්ඩ් එක නං දාන්න එපා. පස්සේ පුළුවන් ‘බ්‍රාවෝ ලයිට්නින් ඇරැස්ටර් එක‘ වගේ දෙයක් පරිගණකයට, ශීතකරණයට වගේ සම්බන්ධ කරල ක්‍රියාකරවන්න..
ඊලග කෑල්ලෙන් ලියන්නං අකුණු වලින් වැළකෙන හැටි….සහ වඩාත් වටිනා විස්තර රැසක් සදුදාට