අහිමිව ගිය මීගමුවේ බලය යළි ස්ථාපිත කරගැනිමට ලංසා පවුලෙන් අළුත් මෙහෙයුමක් ?

0
77

lansa 11කෝටි ගණනින් බඩු බෙදා සිය බලය මීගමුව තුල තහවුරු කරගැනිමට නොහැකිව මීගමුව තුල අන්ත පරාජයකට පත්ව සිටින ලංසා පවුල දැන් අලුත් වටයකින් මීගමුව තුල සිය බලය තහවුරු කරගැනිම සදහා සැලසුම් ගත කුමන්ත්‍රණයක් දියත් කර තිබේ.
මෙම කුමන්ත්‍රණ මෙහෙයුමේ එක් සැලැස්මක් වන්නේ පැරණිතම ශ්‍රිලනිප නියමුවකු වන හිටුප ශ්‍රිලනිප සංවිධායන සරත් ගුණරත්න මහතාව දේශපාලනිකව විශ්‍රාම යැවිමයි.
මුල් වටයේදි මීගමුව ආසනයේ මහින්ද පිලේ නායකත්වය පිරිනමා පසුව එය දයාන් ලංසා වෙත ලබාගැනිමට මේ සැලැස්මේ අරමුණ වි තිබේ.
අනික් සැලැස්ම වන්නේ මීගමුවේ එජාප සමාජිකයන් අතර බෙදිමක් ඇතිකිරිමයි.
මේ සදහා ඉතා සැලසුම් ගතව පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාව යොදවා ගනිමින් තිබේ. දේශපාලනය යනු පියඋරුමයකැයි සිතා පමණක් ක්‍රියාත්මක වන කාවින්ද ජයවර්ධන මහතාද දැන් ගානට ඇද්දි ඇති අතර දයාන් ලංසා මේ වෙනුවෙන් අවැසි යටිතල පහසුකම් ගානට සපයමින් තිබේ.
නව රජය බලයට පත්විමත් සමගින් ක්‍රියාත්මක වු ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිත්වය දැරු නි.ඇමති නිමල් ලංසා විසින් වලිකැවේ කෙසේ හෝ කාවින්ද ජයවර්ධන මහතාව එජාප සමසභාපතිවරයා ලෙසින් මීගමුවට ගෙන ඒමය.
එහෙත් ඒ මෙහෙයුම අවසන් වුයේ නිමල් ලංසාටද සමසභාපතිත්වය අහිමිකරගනිමිනි.
එහෙත් මේ කුමන්ත්‍රණය අත්නොහල ලංසා පවුල කාවින්ද ජයවර්ධන මහතාගේ කුප්‍රකට මීගමුව ගෝල බාලයන් ද ඉත්තන් කොට ගනිමින් එය ක්‍රියාත්මක කරවන්නට සියළු වෙර දරමින් සිටි.
ලංසා පවුලේ මේ දිර්ඝ කාලින සැලැස්ම නිවරදිව තේරුම් ගැනිමට තරම් දේශපාලන අවබෝධයක් නැති සුළු පිරිසක් දැන්  පිස්සන්ට හැතැම්ප නැතුවා සේ  ක්‍රියාත්මක වන්නට පටන් ගෙන තිබේ.
මීගමුව චිකාගෝවක් කළ ලංසා පවුලේ මේ රුකඩ නැටිල්ලේ කොන්ත්‍රාත්තුව මීගමුව තුල භාරගෙන ඇති අයගේ නොහැකියාවේ ප්‍රමාණය නිසා ලංසාලාගේ සැලැස්ම කිසිදු අයුරිකින් ඉදිරියට තල්ලු කරගැනිමට නොහැකි වන බව පමණක්  ඉතා පැහැදිලිය.
සිදුවිය හැක්කේ මේ රිලා නැටුම් නටවන අයට මාසික වැටුපක් ( ඇතැම් අය සදහා මාසිකව කාවින්දගේ සාක්කුවෙන්  රු 40000 ක් )කාවින්ද හරහා ලබාගෙන ජාමේ බේරාගැනිම පමණි.
තවත් දෙයක් මෙහිලා සටහන් කළ යුතුව තිබේ.
මේ රිලා නැටුම් නිසා කාවින්දට මුහුණ දිමට නියමිත  අර්බුදය හමුවේ කාවින්ද විසින්ම මේ අයව ඉවත්කරගන්නා දිනයද වැඩි ඇතක නැති බවය.

Save