සජිත් ආණ්ඩුවේද ?? විපක්ෂයේද??

0
49

සජිත් මෝගන් යනු මීගමුවේ දමිල ජනතාව නියෝජනය කරමින් මහනගර සභාවට පැමිණි විපක්ෂ මන්ත්‍රිවරයෙකි.එජාප ය වෙනුවෙන් දෙවනියට වැඩිම මනාප වලට හිමිකම් කිවේද ඔහුය.එහෙත් ඔහු ගේ මනාපය දැන් හිමිව ඇත්තේ එජාපයටවත් දමිල ජනතාවටත් නොවේ.මීගමුවේ ලංසා පවුල වෙතය.මේ නිසා ඔහු වැඩියෙන්ම ඇසුර කරන්නේ ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ය යන කරුණු අද කා අතරත්  ප්‍රකටය.

දමිල ජනතාව ජාතියක් යැයි නැවත වතාවක් නැගෙනහිර ජන්දයේදිද ඔප්පු කර හමාරය.ඒ ඔවුන්ගේ අභිමානයයි.එහෙත් සජිත් යනු අවස්ථාවාදියෙක් යැයි දමිල ජනතාව කියන දිනය වැඩි ඈතක නැත.

මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරුන් 10 දෙනෙකු ඉදිරි දිනක ඉන්දියාවෙ සංචාරයක් යෑමට දැන් සුදානම් වෙමින් සිටිති.  ආණ්ඩුවත් සමගින් දෙවන වරටත් විදේශගතවන්නට  මේ දිනවල සජිත් මෝගන් සුදානම් වෙමින් සිටින බව සැලය