කැලිසන්ගේ යෝජනාව කාගේද???

0
56

මීගමුව මහනගර සභාවේ වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතා අද දින ට ( 2012 ඔක් 11)යෙදි ඇති මහසභාවට යෝජනාවක් ගෙන ඒමට නියමිතය.

එය මෙසේය.

මහනගර සභා ආඥා පනත පැහැදිලි ලෙසින් උල්ලංඝණය කරමින් හා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය පවා ඉතා පැහැදිලි ලෙසකඩකරමින් නගර සභා භූමිය තුළ අතිවිශාලව දැනට ඉදිකරමින් යන අනවසර අළුත් බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරිම් කටයුතු සියල්ලවහාම නැවැත්විය යුතු යැයිද ඒ වෙනුවෙන් සක්‍රියව දායකවි සිටින මීගමුව අභයසේකාරාරාම විහාරපති මීගමුවේ සුමේධ තිස්ස ස්වාමින් වහන්සේට දන්වා යැවිය යුතු යැයිද ,තවද ,ආගමික සහජිවනයක් ඇතිකරලිම වෙනුවෙන් ඇප කැප වි සිටින පළාත් පාලන ආයතනයක් වශයෙන් මීගමුව මහනගර සභාව සතු කිඹුලාපිටිය පාරට මායිම්ව පිහිටි පැරණි ඉඩමේ සුදුසු ස්ථානයක ,පිළිගත් නිත්‍යාණුකූල ක්‍රමවේදයන්ට යටත්ව මෙම බුද්ධ ප්‍රතිමාව ඉදිකළ යුතු යැයිද මෙම ගරු සභාවට යෝජනා කරන්නීය

කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයාගේ මෙම යෝජනාව අපට ඇත්තේ මෙවන් විග්‍රහයකි.

අපගේ වෙබ් අඩවියට ලිපියක් ලියමින් එජාප හිටපු නාගරික මන්ත්‍රි ප්‍රදිප් පිරිස් මහතා මේ සුරුවම් අවුල අරභයා මීගමුව මහනගර සභාවේ නගාරාධිපති ඇතුළු නාගාරික මන්ත්‍රි මණ්ඩලය සමස්ථ ක්‍රියාකලාපය මහනගර සභා සියළු ආඥාවන්ට පටහැනි බව පැහැදිලි කර තිබුණි.ඒ අනුව අතිගරු ආචාර්ය පැට්ට්‍රික් පියතුමන් විසින් මහනගර සභාව විසුරුවා හැරිය යුතුය යන ඉල්ලිමේ ඇති පසුබිමද ප්‍රදිප් පිරිස් මහතා එහි සටහන් කර තිබුණි..

එනම්

“මීගමුව අභයසේඛරාරාම විහාරාධිපති මීගමුවේ සුමේධ තිස්ස ස්වාමින් වහන්සේ විසින් වර්ග අඩි 218 ක භූමි ප‍්‍රමාණයක් බුද්ධ ප‍්‍රතිමාව හා බුදු කුටිය සංවර්ධනය සඳහා ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීමේ ලිපිය 2012 ජුනි 07 වැනි දින පැවති සභා රැුස්වීමේදී කියවා සභා ගත කර ඇත.

ඊට අදාලව ගරු නගරාධිපතිතුමා විසින් කර ඇති ප‍්‍රකාශය ලෙස ”සියළු ආගම් නියෝජනය කරණ නගරාධිපතිවරයෙකු වශයෙන් තමන්ට මේ සඳහා විරුද්ධ විය නොහැකි බවත් එම ලිපිය මගින් ඉල්ලා සිටින්නේ දැනට බුද්ධ ප‍්‍රතිමාව පවතින ප‍්‍රදේශය තුළ වර්ග අඩි 142 ද ඇතුලත්ව මෙම වර්ග අඩි 218 ක භූඹි ප‍්‍රමාණයක් බැවින් මේ සඳහා සියළු දෙනාගේ එකඟතාවය ලබා දෙන ලෙසට ගරු නගරාධිපතිතුමා විසින් දැන්වීය” යන්න එම සභා වාර්තාවේ සඳහන්ය.

ඉහත ඉල්ලීමට යම් මන්ත‍්‍රීවරයෙකු විරුද්ධ වූ බව දේවස්ථානවල බෙදා හරිනු ලැබු ලිපියේ සඳහන් වුවද ජූනි මස සභා වාර්ථාවට අනුව එවැනි විරුද්ධ වීමක් එම අවස්ථාවේ සිදුවී නොමැති අතර ”එ් සඳහා අවසර ලබා දීමට සභාව තීරණය කරන ලදී.” යන්න සභා තීරණයයි. නගර සභා නිලධාරින් හටද එම දේවස්ථානවල බෙදා හරිනු ලැබූ ලිපියේ දෝශාරෝපනය කර ඇති අතර ඍජුව නාගරික මංත‍්‍රී මණ්ඩලය විසින් කිසිදු නිලධාරි නිර්දේශයකින් තොරව අනුමත කළ කටයුත්තකට නගර සභාවේ නිලධාරින් වග කිවයුත්තේ මන්ද?  දේවස්ථානවල බෙදා හැරුණු ලිපියට අනුව ජූලි මස පැවති මහා සභාවේදී මංතී‍්‍රවරයෙකු යම් ප‍්‍රකාශයක් කර ඇති නමුත් සත්‍ය වශයෙන්ම එය විරුද්ධවීමක්ද යන්න සවිස්තරව අධ්‍යයනය කල යුතු  කරුණකි.

මහ නගර සභා ආඥා පනත හා බැඳුනු සභා සම්මත අතුරු ව්‍යවස්ථාවට අනුව න්‍යායපත‍්‍රානුකූලව ලිපි සභාගත කරණ අවස්ථාවේදී එම ලිපි කියවා අවශ්‍යය පරිදි අදාල කාරක සභාවෙත යොමුකොට කටයුතු කරණවා විනා එ් මත පිහිටා තීරණ ගැනීමට බලයක් නගරාධිපති වරයාට හෝ නාගරික මංත‍්‍රිවරුන්ගෙන් සැදුම්ලත් සභාවට නොමැත. එසේනම් ජූනි මස පැවති සභා රැුස්වීමේදී ගත් ඉහත කරුණු හා අදාලව තීරණය නීති විරෝධි වන අතර එමගින් මහ නගර සභා ආඥාපනත අමු අමුවේ උල්ලංගනය කර ඇත”

යනුවෙන් ප්‍රදිප් පිරිස් මහතා සිය විග්‍රහයේ සටහන් තබා තිබුණි.

මීගමුව නගරාධිපතිවරයා ඉතා සැහැල්ලු ආකාරයෙන් සුමේධ හිමියන්ගේ ඉල්ලිම ක්‍රියාත්මක කිරිමට කඩිමුඩියේ කටයුතු කර තිබුනේ ඇයිද මෙහිදි මතුවෙන මුලිකතම ප්‍රශ්ණයයි.ඔහු මෙයට අදාල අඥාපණත් ගැන නොදන්නේද?? ක්‍රියාවලිය ගැන අදහසක්වත් නැත්තේද??

නැත. ඔහු මේ සියල්ල ගැන සවිඥානක විය යුතුය. එහෙත් ඔහු අද භුක්තිවිදින්නේ බන්දේසියක තබා පිනට දුන් නගරාධිපතිධුරයකි.එහි සැබැ අයිතිකරුවන් කියන්නේ මොනවාද ඔහු විසින් එය කළ යුතුව ඇත.මේ අනුව පසුගිය ජන්ද සමයේ  මහනගර සභා භූමිය තුල මෙකි පිළිම වහන්සේ ස්ථාපිත කරදිමට පියවර ගන්නා බව ජන්ද පොරොන්දුවක් නොවුනා යැයි කිව හැක්කේ කාටද????

එහෙත් ඒ සියළු සැලසුම් අවුල්ව ගියේ අචාර්ය පැට්ට්‍රික්  පියතුමන් විසින් එල්ල කරන්නට යෙදුන මිසයිල ප්‍රහාරයත් සමගින්ය.ඒ අනුව ආමාත්‍ය නිමල් ලංසා ට පියතුමන්ලා සමගින් අවස්ථා කිපයකදි සාකච්ජාවන් සදහා වාඩිවෙන්නටත් ඔවුන්ගේ ඉල්ලිම් වලට පොරොන්දු සපයන්නටත් සිදුවිය.මේ අනුව ඔහු විසින් අවසන් වශයෙන් ගරු පියවරුන්ට දුන් පොරොන්දුව වුයේ දැනට ඉදිවෙමින් ඇති බුදු පිළිමයේ කටයුතු නවතා ලන්නට පියවර ගන්නා බවය.

ඒ ගැන සුමේධ හිමියන්ට පවසන බවය. එවට පියතුමන්ලා අසා තිබුනේ එයත් ඉටු නොවන්නේ නම් ඊළග පියවර කුමක්ද කියාය.

ඇමාත්‍ය නිමල් ලංසාගේ පිළිතුර වුයේ එසේ වුවහොත් මීගමුව මහනගර සභාව හරහා ආදල පියවර ගැනිමට කටයුතු කරන බවය.

ඒ අනුව අපි දකින්නේ අද දිනයේ වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි විසින් ගෙන එන මේ යෝජනාව ඉතා පැහැදිලි ලෙසින් ඒ දා නිමල් ලංසා ඇමති වරයා විසින් ගරු පියතුමන්ලාට දුන් පොරොන්දුව හා සම්බන්ධ බවය.

එමෙන්ම කිසියම් ආකාරයකින් මීගමුව මහනගර සභාවේ මේ කටයුත්ත අරභයා ක්‍රියාකලාපය අධිකරණය දක්වා ගමන් කරන්නේ නම් මහනගර සභාව විසුරුවා හැරිමට ඇති ඉඩකඩඩ අඩයක් තබාගැනිමේ අවශ්‍යතාවයද මෙය නියෝජනය කරන බවය..

දැන් අපට ඇත්ත ප්‍රශ්ණය ඇත්තේ මීගමුවේ එජාප සංවිධායක වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාටය.

මීගමුවේ වැඩබලන විපක්ෂ නායක නියෝජනය කරන්නේ කාවද??????