සතියේ හැම සිකුරාදාම පැයක් ඩෙංගු මදුරුවන් වෙනුවෙන් වෙන් කෙරේ.

0
617

hqdefault

සෑම සතියකම සිකුරාදා දිනයේදී සියළුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන පැයක කාලයක් පිරිසිදු කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මේ වැඩපිලිවෙල ජුනි මස 01වනදා සිට ක්‍රියාත්මක වන්නේ තුන් මාසික ජාතික ඩෙංගු මදුරු මර්ධන වැඩසටහනට සමගාමීවය.

පාසල් පද්ධති පිරිසිදු කිරීම සදහා විදුහල්පතිවරුන්,ගුරුවරුන් හා පාසල් සිසුන් සහභාගී විය යුතු බවත් මේ නිවේදනයේ සදහන් වන අතර නිවෙස් පිරිසිදු කිරීමේදී විශේෂයෙන් ඩෙංගු මදුරුවන් බෝවියහැකි ස්තාන කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ වැඩපිලිවෙල ඩෙංගු මර්දන ජනාධිපති කාර්‍ය සාධක බලකාය හා සෞඛ්‍ය අමාතයංශයේ මැදිහත් වීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ දිනවල හා පසුගිය දිනවල ඇදහැලුණ වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් තවතවත් වේගයෙන් වයාප්ත විය හැකි බව සෞඛ්‍ය අංශ ජනතාවට මෙහිදී විශේෂයෙන් අනතුරු හැගවීමක්ද සිදුකරයි.