සූර්යයා වෙත ගමන් කිරීමට NASA ආයතනය සූදානම්, ළගදීම යානයක් සූර්යයා වෙත

0
866

සූර්යයාගේ වායුගෝලයට ඇතුල්වීමට  ක්‍රියාතමක වන NASA ආයතනයේ පලමු ක්‍රියාන්විතය පිලිබදව මේ වන විට එම ආයතනය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා. ඔවුන් විසින් මේ නිවේදනය නිකුත් කරනු ලැබුවේ පසුගිය බදාදා දිනයේදී චිකාගෝ විශ්වවිද්‍යාලයේදීයි.

VSxsyxs7

මිනිසුන් රහිත මෙහෙයුමක් වන මෙහිදී Parker Solar Probe,තාරකා භෞතික විද්යාඥ ඉයුජින් පාකර්ගේ නමින් නම් කර ඇති යානය එලෙඹෙන ගිම්හාන කාලයේදී සූර්යයාගේ පිටත වායුගෝලයට ඇතුලත් වීම සදහා පිටත් වීමට නියමිතය. මෙම පරීක්ෂණ යානය පැයට සැත්ප්ම 430000ක වේගයෙන් ගමන් කරන අතර එය ඇමරිකාවේ  චිකාගෝ නගරයේ සිට ජපානය දක්වා විනාඩියකට අඩු කාලයකදී ගමන්කිරීමට තරම් ප්‍රමාණවත් වන වේගයක් බවයි විද්‍යාඥයින් සදහන් කරන්නේ. එලෙසම මින් පෙර සූර්යයා සම්බන්දයෙන් කල සෑප පරීක්ෂනයදීම සූර්යයාට ලගාවූ ප්‍රමාණයට වඩා 7ගුණයක් සූර්යයාට ලගා වීමට මේ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වන බවත් විද්‍යාඥයින් පෙන්වා දෙයි.

සූර්යයාගේ පිටත වායුගෝලයේ උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 2500ක්පමණ වන බවත් ඒ සම්බන්දයෙන් පෘථිවියේදී පරීක්ෂණ සිදුකිරීමට ගිණි කදු යොදාගත් බවත් මේ මෙහෙයුම පැහැදිලි කරමින් විද්‍යාඥයින් පවසයි.