ඇය හිගමනට වැටුනේ කාගේ වරදින්ද ?

0
58
susanthikaඇය හිගමනට වැටුනේ කාගේ වරදින්ද ? සුසන්තිකා ජයසිංහ ශ්‍ර්‍ර්‍රී ලංකාවට සුවිශේෂී කීර්තියක් ගෙනත් දුන්නාය. දකුණු ආසියාතික ක්‍රීඩා තරග වල සිට ඔලිම්පික් දක්වා වූ තරග රාශ්‍රියකට සහභාගි වෙමින් වසර ගනනාවක් තිස්සේ එම කීර්තිය තබා ගැනීමට ඇයට හැකිවිය. විවිධ අවස්ථාවලදී ඇය රටට ජයග්‍රහණයන් රැගෙනආවිට ඒ කාලයේ පැවති සෑම රජයක්ම ඇයට ඉතා ඉහල මට්ටමේ මුදල් සහ වෙනත් තෑගි පිරිනැමු බව මාධ්‍ය තුලින් අප දැන ගත්තෙමු.
ඒ සමගම ඇයට මුහුණදීමට සිදුවූ විවිධ අකරතැබ්බයන් පිලිබඳවද අපට මාධ්‍ය ඔස්සේ සංනිවේදනය විය. මෑතකදී පැවති මහා මැතිවරණයට ඇය හිටපු ජනාධිපති සහ වත්මන් ජනාධිපති නායකත්වය දෙනු ලබන එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයට තරග කල අතර ඇයට ජයග්‍රහණය කීරීමට අවස්ථාව ලැබුනේ නැත. ඉතාමත් මෑතකදී ඇය තම වියදමින් ක්‍රීඩක ක්‍රීඩකාවන් පුහුණු කිරීමට විශේෂ ක්‍රීඩා සංකීර්ණයක් ගොඩ නැගීමට මුල්ගල තැබූ අතර ඒ සදහා ගරු ජනාධිපති තුමා ඇතුළුව වගකිවයුතු ඇමතිවරු කීප දෙනෙක්ම සහභාගි විය.
ඊට අමතරව ඉතා මෑතකදී එක්තරා පුද්ගලික රූපවාහිනී නාලීකාවක රියලිටි වැඩසටහනක රැගුම් දැක්වූවාය . මේ සියල්ල එසේ සිදුවෙමින් පවතින අතරේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇය හිගමනට වැටී ඇතිබවත් ඇයව රැකගැනීම රජයේ වගකීම බව කියවේ.
මෙය ජුගුප්සාජනක රියලිටි වැඩසටහනක පූර්ව ප්‍රචාරක තත්ත්වයක් දැයි යන සැකය බෝහෝ දෙනෙකුට මේවන විට ඇතිවී ඇත.
අරුණ ශාන්ත නෝනිස්

 

Save