සතොසේ මතභේදාත්මක සහල් තොග විකිණීම හා බෙදාහැරීම තාවකාලිකව නවතා දමයි.

0
210
පකිස්ථානයෙන් ආනයනය කල මතභේදාත්මක බාස්මතී සහල් තොගය විකිණීම හා බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වනපරිදි නවතා දැමීමට තීරණය කල බව සතොස සභාපති T. M. K. B.තෙන්නකෝන් මහතා පවසනවා.
පසුගිය දිනවල ලංකා සතොසින් මිලදීගත් සහල්,ප්ලාස්ටික් සහල් බව කියමින් සමාජමාධ්‍ය තුලින් ප්‍රචාරය වූ වීඩියෝවක්  මේ තීරණය ගැනීමට හේතු වී තිබෙනවා.
මේ සිදුවීම සම්බන්දයෙන් පැවැත්වූ මාධ්‍ය සාක්ච්ඡාවකදී තෙන්නකෝන් මහතා ප්‍රකාශ කලේ මේ සිදුවීම පිලිබදව තමා දැනුවත් වූ වහාම ආනයනය කරන ලද මෙම සහල් විකිණීම හා බෙදා හැරීම නවතා දැමූ බවයි. නමුත් ආනයනය කල මෙට්‍රික් ටොන් 20ක සහල් ප්‍රමාණයෙන් මේ වන විට ගබඩා වල පවතින්නෙ මෙට්‍රික් ටොන් 4ක් පමණක් බවත් ඉතිරිය මේ වන විටත් බෙදාහැර ඇති බවත් ඒ පහතා සදහන් කර තිබෙනවා. ලෙසම මේ සහල් සාම්පල මේ වන විට වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමු කර ඇති අතර එහි වාර්ථාව ලැබීමට අවම වශයෙන් සති දෙකක් කාලයක් ගතවනු ඇති බවත් මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
එලෙසම මේ සීදුවීම ලංකා සතොසේ නාමයට හානිකිරීම සදහා මේ කටකතාව හිතාමතා ගොඩනැගූවක්දැයි සෙවීම සදහා මේ සම්බන්ද පැමිණිල්ලක් අපරාද විමර්ෂන ඒකකයට කල බවත් වැඩිදුරටත් ඒ මහතා පවසා ඇත.
rice