කුරණටත් ඩෙංගු මර බිය දැනෙයි ! පල්ලියේ මුලිකත්වයෙන් අද ශ්‍රමදානයක්

0
38

kurana dengu protestකුරණ ග්‍රාමය තුල ඩෙංගු සීඝ්‍රයෙන් පැතිර යන්නට පටන් ගෙන තිබේ.මේ ගැන දැන් විවිධ සමාජ කොටස් මහත් උද්යෝගයකින් යුතුව විවිධ මං ඔස්සේ ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන තිබේ.
දැන් මේ සදහා කුරණ මිසම් සේවක සිරිල් ගාමිණි පියතුමන් ප්‍රමුඛ කුරණ මීසමේ ගිහි කිතුණු ප්‍රධානින්ද පෙරමුණ ගෙන ඇත.
ඒ අනුව අද ඉරුදින ප්‍රජාවෙන් පසු ශ්‍රමදානයක් ද අද සංවිධානය කොට ඇති බව සැලය.
මෙය ඉතා හොද ආරම්භයකි.dengu protest 6.JPG
මේ උනන්දුව නිරන්තරයෙන්ම පවත්වාගෙන යන සාමුහික උත්සාහයක් බවට පත්කර ගතහැක්කේ නම් කුරණ මීගමුවෙ අන් ප්‍රදේශවලට ආදර්ශයක් වනු ඇත.dengu protest 100
වරක් කුරණ ඩෙංගු වලට එරෙහිව විරෝධතාවක්දැ පැවැත්විණි.ඒ ග්‍රැන්ඩිසා හෝටලය විසින් එහි සේවකයන්ට මෙන්ම අවට ගම්වාසින්ටද ඩෙංගු බෝකර තිබිමට එරෙහිවය.එහෙත් ඩෙංගු විරෝධි ඒ උනන්දුව නිරත්තර එකක් කරගන්නට හැකි වුණි නම් අද කුරණ ඩෙංගු මර බියෙන් මුදවා ගැනිම වඩාත් පහසු වනු ඇත.
කෙසේ වෙතත් දැනටත් පමා නැත.එහෙත් කල්යවන්නේ නම් තත්වය බරපතල වනු ඇත.
මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ දත්ත අනුව බල කල කුරණ වැඩිම ඩෙංගු රෝගින් ගණනක් වාර්ථා වන්නේ මැයි මාසයේදිය.
එනම් 34 කි.dengu
එය පිළිවෙලින් ජනවාරි මස 14 කි.පෙබරවාරි 09 කි.මාර්තු මාසයේද 09 කි.අප්‍රේල් මාසයේදි 15 ක් වු ඩෙංගු රෝගින් ගණන මැයි මාසය වන විට පිමි පණිමින් 34 ක් දක්වා ඉහල ගොස් ඇත.දැනට වාර්ථා වන අන්දමට කුරණ කටුනායක ප්‍රදේශයේදි ඩෙංගු රෝගි කතක් මිය ගොස් ඇති බව ද වාර්ථා වේ.
ඇත්ත වශයෙන්ම දැන් මීගමුව ගමන් කරමින් ඇත්තේ ඩෙංගු වසංගත තත්වයක් කරාය. මීගමුව රෝහල ඩෙංගු රෝගින්ගෙන් පිරිගොස් හමාරය.මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගින් 1100 කට ප්‍රතිකාර කර තිබේ.දැන් පවතින තත්වය අනුව මීගමුව රෝහලට ප්‍රතිකාර කළ හැකි උපරිමයද ඉක්මවා ගොස් තිබේ. මීගමුවේ ඇති සියළු පුද්ගලික රෝහල්ටද දැන් රෝගින් භාර නොගන්නා බව වාර්ථා වේ.තත්වය භායානකය.විසදුම ඇත්තේ ඩෙංගු පැතිරයාම වැලැක්විම පමණි.
නාගරික කොමසාරිස්වරයාගේ නිවස පිහිටියේද කුරණ වුවද ඩෙංගු පාලනයට සැලැස්මක් නැති මීගමුව නගර සභා පාලනය දැන් මුළුමනින්ම අසාර්ථක බව ඔප්පු කර හමාරය.
මීගමුවේ මේ වසංගත තත්වය හමුවේ අවංක කාර්ය භාරයක නියැලෙන ඇතැම් මහජන සෞඛ්‍ය පරක්ෂකවරුන්ගේ මෙහෙය අප මෙහිදි ඉතා ඉහලින් අගේ කළ යුතුමය.dengu
එහෙත් ගැටළුව ඇත්තේ වර්ධනය වන මීගමුවේ ඩෙංගු වසංගත තත්වය පාලනය කිරිමට නාගරික කොමසාරිස් පාලනයට විධිමත් සැලැස්මක් නැතිකමය .,මේ නිසාම ගම් මට්ටමින් අඛණ්ඩ වැඩපිළිවෙලක් සදහා පණට ආදරේ සැම පෙරමුණ ගත යුතුව තිබේ.මේ සදහා කුරණ දි දැනමටත් ප්‍රජා පොලිස් කමිටුව ,දුම්රිය දෙපාර්තමේන්තුව ,සහ නගර සභාවක් එක්ව ඇතැයි කුරණ ග්‍රාම නිළධාරි දරිජු මහතා අප කළ විමසුකදි කියා සිටියේය.
මේ සාමුහිකත්වය සිරිල් ගාමිණි පියතුමන්ගේ මුලිකත්වයෙන් අඛණ්ඩ එකමුතුවක් ලෙසින් ගොඩනගා ගතහැක්කේ නම් ඉතා වැදගත්ය.

Save