නගර සභා මන්ත්‍රින්ගේ ඉන්දියානු සංචාරයට බිරින්දෑවරුත් ???

0
67

මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් සැදුම්ලත් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින කිපයක ඉන්දියානු සංචාරයක නියැලෙන බව අප මීට පෙරද වාර්තා කළෙමු. මෙවර චාරිකාවේ විශේෂත්වයන් දෙකක් ඇත. එනම් මන්ත්‍රි බිරින්දෑ වරුන් කිපදෙනක්ද මෙවර සංවාරයට එක්ව තිබිමයි. අනික් විශේෂිතම කරුණු වන්නේ
ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් තවත් සිටියදි විපක්ෂ මන්ත්‍රිවරයෙක් වන සජිත් මෝගන් පිට පිට දෙවන වරටත් නගරසභා මන්ත්‍රි සංචිතයට  එක්ව තිබිමයි. එයට හේතුව වශයෙන් තතු
දන්නෝ පවසා සිටින්නේ ආණ්ඩු පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තවමත් නොදැවි ක්‍රිඩා කිරිමට සජිත් තුල ඇති අවස්ථාවාදි හැකියාව බවය.