ක්‍රෙඩිට් කාඩ් පොලිය 4%කින් ඉහළට

0
64

වාණිජ බැංකු කිහිපයක් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික 4%කින් පමණ ඉහළ දැමීමට පියවර ගෙන තිබේමෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූණේ 24%  වාර්ෂික පොලියකි.

එය 2017 ජූලි 01 දින සිට 28 % ක් දක්වා ඉහළ නංවනු ලබන බව ආදාළ බැංකු විසින් මේවනවිට සිය ගනුදෙනුකරුවන් වෙත ලිපි මගින් දන්වා යවා ඇත.නව පොළී අනුපාතිකය, 2017 ජූලි 01 දිනෙන් පසුව සිදුකරනු ලබන සියලූම ගනුදෙනු සඳහා බලපවත්වන බව අදාළ බැංකු වැඩිදුරටත් සඳහන් කර සිටී.

වසර 2017 අප්‍රේල් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,354,971 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

5711927a5fdc80f18c0d4cc0d3be53ad

උපුටාගැනීම – http://sathhanda.lk