2017 ට මීගමුවේ ඩෙංගු රෝගින් 3836 ! මරණ 6 ක් ?

0
99

ward 3 b2017 වසර සදහා මීගමුව රෝහල විසින් ඩෙංගු රෝගින් 3836 දෙනෙකුට  ප්‍රතිකාර ලබාදි ඇතැයි රෝහල් අරංචි මාර්ග දක්වා සිටි.
මැයි මාසයේදි ප්‍රතිකාර කරන ලද ගණන රෝගින් 1084 කි. මේ ගණන අප්‍රෙල් මාසය හා සසදන කල්හා තත්වයේ භායනක කම මොනවට පැහැදිලි වනු ඇත.
එනම් අප්‍රෙල් මාසයේදි 617කි.
දැන් සිදුවෙමින් ඇති වර්ධනයන් අතිශය භායානක වන්නේ ජුනි මාසයේ 15 වෙනිදා වන විට ඩෙංගු රෝගින් 700 කට ආසන්න ගණනක් වාර්ථා තිබිමත් සමගින්ය.
මීගමුව දැන් අධිවසංගත තත්වයක් කරා ගමන් කරමින් තිබේ.
අංගොඩ වසංගත රෝහල ජයවර්ධන පුර රෝහල මෙන්ම දැන් මීගමුව රෝහල ගැන මාධ්‍යවල කථා වන්නට පටන් ගෙන තිබේ.
පවතින මේ ව්‍යවසනකාරි තත්වය හමුවේ මීගමුවේ සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලය අති දුෂ්කර මෙහෙයක යෙදි සිටි.
ඒ අයට ඔබට හැකි අයුරින් සහය වන ලෙස හදවත් ඇති මීගමුවේ සැමගෙන් අප ආයාචනා කර සිටිමු.