පෘථිවියට සමාන ග්‍රහලෝක 10ක් නාසා ආයතනයෙන් සොයා ගැනේ.

0
549

අප අයත්වන සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති නව ග්‍රහලෝක 219ක් හදුනාගත්බව නාසා ආයතනය පවසනවා. ඒ අතරින් 10ක් එම ග්‍රහලෝකයන් අයත් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ප්‍රධාන තාරකාවට ඉතාමත් ලගින් හෝ දුරින් පිහිටා නොමැති නිසා ඉහල උෂ්ණත්වයක් හෝ අධික සීතලක් එම ග්‍රහලෝකයන්ගේ නොමැති බවයි නාසා ආයතනය පවසන්නේ. ඒ නිසා මෙම ග්‍රහලෝකයන්ගේ ජලය පවතිය හැකි බවත් එම ආයතනය පවසනවා.

පෘථිවියට සමාන ජීවයක් පැවතිය හැකි ග්‍රහලෝක කොපමණ විශ්වයේ ඇත්දැයි යන පැනය නාසා ආයතනය විසින් සිදුකරන පරීක්ෂණ සම්බන්දයෙන් කුතුහලයන් පසු වන පිරිස් සෑම විටම අසන ප්‍රශ්ණයක්.ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් නාසා ආයතනය පවසා ඇත්තේ මේ වන විට ග්‍රහලෝක 4034 කෙප්ලර් දුරදක්නය විසින් හදුනාගෙන ඇති බවයි.ඉන් 2335ක් අප සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති ඒවා වන අතර ජීවය පැවතිය යන සැකය සහිත ග්‍රහලෝක 50ක් සොයාගෙන ඇති බවත් එයින් 30 ජීවය පැවතිය හැකි ග්‍රහලෝක වහයෙන් තහවුරු කරගෙන ඇති බවයි.

exoplanets-extrasolar-earth-like-planets-illustration-spitzerssc2008-05a2000