ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අධ්‍යක්ෂකවරියක් තුර්කියේදී අත්අඩංගුවට.

0
68

_96825357_amnestynewidilpic

තුර්කි පොලීසිය විසින් එරට අගනුවර වන ඉස්තාන්බුල් නුවරදී ලොව ප්‍රධාන පෙලේ මානව හිමිකම් ක්‍රියාකාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අතරට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි  තුර්කි අධ්‍යක්ෂක Idil Eser ද සිටිනන බවයි වාර්ථා වන්නේ. Digital Security  සම්බන්දයෙන් ඉස්තාන්බුල් නුවර පැවති වැඩමුළුවකදී මේ අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති අතර අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් අතර ජර්මනියෙන් හා ස්වීඩනයෙන් පැමිණි පුහුණුකරුවන් දෙදෙනෙකුද වනවා.

‍ෙමේ අත්අඩංගුවට ගැනීම කිසිදු හේතුවක් නොමැතිව සිදුවූවක් බව සිදුවීම සම්බන්දයෙන් අදහස් පලකරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රකාශ කර තිබෙනවා. එලෙසම මෙ අත්අඩංගුවට ගත් පිරිස කොන්දේසි විරහිතව හැකි ඉක්මනින් නිදහස් කලයුතු බවත් ඒ ආයතනය පවසා තිබෙනවා.

_96825362_turkeytanerafp
ඇම්නසේටි ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රධානීයෙකු වන Taner Kilic ද මේ වන විට මාසයක පමණ කාලයක් රදාවාතබාගෙන තිබෙනවා.

 

http://www.bbc.com ඇසුරිණි.