අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට මොකද වෙන්නේ ?

0
69

FB_IMG_1499399671138FB_IMG_1499399666189FB_IMG_1499399632115

 

 

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුූතිය පිළිබඳ පනත් කෙටුම්පත ජුලි මස 05 වැනි දින පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණද එයට සංශෝධන එක් කිරීමට නියමිත හෙයින් විවාදය පසුවට කල් තබන ලදී. මේකී තත්ත්වය යටතේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුූතිය පිළිබඳ පනත් කෙටුම්පතට සහය දැක්වීම සදහා සහ පාර්ලිමේනතුවෙ සම්මත වූ අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීම කාරණා පදනම් කර ගනිමින් හා නිදහසේ වේදිකාව අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව හා එක්ව පසුගිය 05 වනදා මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණි. මේ සඳහා නිදහසේ වේදිකාවේ සම කැදවුම්කරුවන් වන බි්‍රටෝ ප්‍රනාන්දු, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, අචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ වීදියේ විරෝධයේ කැදවුම්කරු පිලිප් දිසානායක මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ සහ නිදහ‍සේ වේදිකාව වෙනුවෙන් නීතිඥ ප්‍රබෝධ රත්නායක සහභාගී වූහ.
www.samabima.comFB_IMG_1499399652669FB_IMG_1499399661520