අපේ කොල්ලෙක් හෙට දැවැන්ත බෝල මේසයේ සටනක.

0
64
ල්කදේශ්
·

අපේ කොල්ලෙක් හෙට දැවැන්ත බෝල මේසයේ සටනක.

ඉතාලියට සංක්‍රමනය වූ ශ්‍රී ලාංකිකයන් ගෙන් බොහෝදෙනෙකු උපතින්ම විවිධාකාර ක්‍රිඩාවලට දක්ෂයෝ…..ඒ දක්ෂතම සහ හැකියාව ඉතාලියේ ජීවත් වෙමින් ජාත්‍යන්තරයට ගෙනියන්න හැකි උනේ සීමිත කොටසකට පමණයි.

මේ අපි දකින්නේ එවන් කොල්ලෙක්…

ඔහු නමින් ලක්දේශ් විජේසිංහ.ජීවත් වන්නෙ ඉතාලියේ මිලානෝ නගරයේ…..සැලකිය යුතු ආයතනයක සැලකිය යුතු රැකියාවක් කරමින් සිටින අතරෙ දිනක් ඔහුට ඔහුගේ අතීතයට පිය නගින්න සිදුවන්නෙ දෛවයේ මොකක්දෝ වෙනසකට වගේ….

ඔහුව යොමු වන්නෙ බිලියඩ් මේස රාශියක් ඇති ශාලාවකට……

ඒකට හේතුව වන්නෙ ඔහු ශ්‍රී ලංකාවේ පළවෙනි ශ්‍රේණියෙ බිලියඩ් ක්‍රීඩයෙකු නිසා……එහිදී ඉතාලි ජාතිකයින් විශ්මිත කරමින් ඔවුන් අබිබවා තරඟ කරන්නෙ අපේ ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට කියාපාන්න…..

එම තරඟ ඉසව්ව පිළිබඳව මා හට පැහැදිලි අවබෝදයක් නැතිවීම කනගාටුවට කරුණක්.මේ වන විට අපේ කොල්ලා ජාත්‍යන්තර තරඟ ඉසව්වක් සඳහා මේ වන විට ඉතාලියේ අග නගරය වන රෝමය කරා ගොස්.දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට වත් අවස්ථාවක් නැහැ.

කොහොමත් මෙම තරඟ ඉසව් පවත් වන්නේ කන්ඩායම් හෝ දෙදෙනෙකු අතර කියලයි දන්නෙ.එහිදී ඔහු විසින් මෙම මේසය මත බිලියඩ් පන්දු රටාවකට කරකවමින් ඉදිරියට සහ පසු පසට හරව හරවා පහර දෙමින් අදාල කුටි තුළට යවනු ලබනවා.

ඒක මෙලොව උපං කෙනෙකුට කරන්න පුලුවං දෙයක් නෙවෙයි ලේසියකින්.ඒත් අපේ කොල්ලා පට්ට විදියට ගේම් එක දෙනව .

හෙට සවස ඉතාලියේ වේලාවෙන් රාත්‍රී 7 ට පලමු වටය සහ අනිද්දා එම වෙලාවාට දෙවන වටය පවත්වන්නෙ Stadio olimpico roma වල.

රෝම නගරයේ ශ්‍රී ලාංකිකයින් හට ඔන්න අපේ ධජය ඉතාලියේ අග නගරයේ ඔසවන්නට නම් මෙන්න වෙලාව……

මම ඒ අදාල link පහතින් සඳහන් කරන්නම්……

අපේම ස්වල්පයක් හේතුවෙන් අපෙ රටේ අභිමානය ඉතාලි ජාතිකයින් අතරේ ගිලිහී යන මොහොතක, ඒ ගිලිහී යන අභිමානය අරං වරෙං මල්ලියේ උඹ අපට .

මේ පහතින් දැක්වෙන්නෙ පිටත් වීමට මොහොතකට කලින් මට එවල තිබුන පනිවිඩය.

## Uparima try ekak denvaa milano valata cup eka genna seria “C”
එල වරදින්නෙ නෑ
Eka yata yanna ekkama mama sellama dannava lankave nama udata genna kohoma hari##

අපේ කොල්ලට ජයම වේවා…..!

http://lankatarget.com/?p=15254

https://www.facebook.com/ThePoolScene/videos/1585405224880155/?hc_ref=ARRqgc6gbd2AJ8Mi1TiKRIJ0gVsykZSBqxb60IQy_WYMNsYdSzkTvy3jLVK6v54Nsqw&pnref=story

http://roma2017.poolgare.it/

එමිල් රෝහන් මිලානෝ සිට.