දරු ප්‍රසුතියෙන් දින 2 කට පසු මවක් මීගමුව රෝහලේ දි ඩෙංගු රෝගයෙන් මිය යයි !

0
79

denguදරු ප්‍රසුතිය සදහා මීගමුව රෝහලේ නේවාසිකව සිටි මවකට  ඩෙංගු වැළදි තිබුණ අතර දින 2 කට පෙර සිසේරියන් සැත්කමකින් ඇය සිය දරුවා බිහිකර තිබුණි.
එහෙත් ඇයට අද දහවල් ඉතාමත් අවසනාවත්ත ලෙස ජිවිතයෙන් සමුගන්නට සිදුව ඇත්තේ ඩෙංගු රෝගි තත්වය උත්සන්න විමත් සමගය.
මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකය තුල දි වෛද්‍යවරුන් ඇයට ජිවිතය ලබාදිම සදහා  මහත් පරිශ්‍රමයක් දරා තිබුණද ඒ සියල්ල ආසාර්ථක වි තිබුණි.
ඇය පිටිපන ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර  ඩෙංගු වැළදි ඇත්තේ රෝහල්ගතකිරිමෙන් පසුව යැයි ඇගේ ඥාාතින් පවසන බවද වාර්ථා වේ.රෝහල් ආරංචි මාර්ග දක්වා සිටින්නේ ඇය රෝහල් ගතවන විටත් ඩෙංගු වැලදි තිබුන බවය.
මේ අනුව මීගමුව රෝහලේ පසුගිය මාස 3 ක කාලය තුල සිදුව ඇති මරණ ගණන 17 ක් දක්වා වැඩිවි තිබේ.

 

Save