නාවික හමුදාවෙන් තවත් අලි මෙහෙයුමක්..

0
52

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරීන් විසින් ත්‍රිකුණාමල මුහුදේ ගසාගෙන යමින් සිටි අලි පැටවුන් දෙදෙනෙකු බේරා ගැනීමට ඊයේ ( ජුලි 23) දිනයේදී සමත් වී තිබෙනවා. මෙම අලින් දෙදෙනා මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ දෛනික මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදාවට අයත් යාත්‍රාවක් විසිනුයි.

මේ අලින් දෙදෙනා සම්බන්දයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව වනජීවී නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් එක්ව අලි දෙදෙනා බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇති අතර නාවික හමුදාවට අයත් කිමිදුම්කරුවන්මෙන්ම අධිවේගී ප්‍රහාරක යාත්‍රා 3ක්ද මෙම මෙහෙයුමට එක් කර තිබෙනවා.

අලින් දෙදෙනා ඉතාමත් ආරක්ෂිතව වෙරලට ගෙන ඒමට බේරා ගැනීමේ කණ්ඩායම සමත්වී ඇති අතර ඉන් පසු ඔවුන් ෆෝල් පොයින්ට් රක්ෂිතය වෙත මුදාහැර තිබෙනවා.
පසුගිය ජුලි 8වනදා මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු මේ ආකාරයෙන්ම ගොඩගනු ලැබූවෙත් මේ නාවික හමුදා විධානයට අයත් නිලධාරීන් විසින්ම වීමද විශේෂත්වයකි.

2816d9566beb42807eacde51d9571ceb_L