වැල්ලවිදියේ ඩෙංගු වැඩසටහන ලංසා පවුලේ සංදර්ශනයක්ද?

0
31

Dalupthoa 105වැල්ලවිදියේ ඊයේ (2017/07/25)දිනයේ පැවැති  ඩෙංගු වැඩසටහන එහෙම පිටින්ම ලංසා පවුලේ සංදර්ශනයක් බවට පත්ව තිබුනේ යැයි බරපතල චෝදනාවක් එල්ලව තිබේ.
නගර සභාව විසින් බෙදිම සදහා රැගෙන විත් තිබුණ ප්ලාස්ටික් කසල බදුන් 500ක ප්‍රමාණය දයාන් ලංසා විසින් ලබාගෙන වැල්ලවිදියේ පිහිටි ඔවුන් ගේ කාර්යාලය මගින් බෙදා හැරිමට පියවර ගෙන තිබිම මේ දේශපාලන සංදර්ශණයේ ප්‍රධාන අංගයක් වි තිබුනේ යැයි ප්‍රදේශවාසින් චෝදනා නගති.
ගමෙන්  කැපි දේශපාලනික නන්නත්තාරවි කටුවාපිටිය පැත්තට පැන ගිය දයාන් ලංසාලා යළිත් ඩෙංගු මදුරුවෙකුට මුවාවි රඟන්නට පටන්ගෙන ඇතැයි වැල්ලිවීදියේ ප්‍රබල දේශපාලන ක්‍රියාධරයෙක් මිපුරට කියා සිටියේය.