කටුනායක ශු.සෙබස්තියන් මුනි කරඩුව සොරාගෙන..

0
545

කටුනායක ශු.සෙබස්තියන් මුනිතුමන්ගේ නම් අප දේවස්ථානයේ ව්ශේෂ මංඞපයක තැම්පත් කර තිබූ ශු.සෙබස්තියන් මුනිතුමන්ගේ ශු.ධාතු කරඞුව ඊයේ දහවල් කාලයේ දී කිසියම් පුද්ගලයෙකු විසින් රැගෙන ගොස් ඇත. ඉතාලියේ බ්‍රේෂියා නුවර සිට 2015 අප්‍රේල් මස 19දින වැඞම කරවන ලද ශු.ධාතු කරඞුව ඊයේ දින දක්වා ඉතාමත් ගරු බුහුමන් ලබම්න් ව්ශේෂ මංඞපයක තැම්පත් කර තිබූනි. ඉතාලියේ බ්‍රේෂියා නුවර දේවස්ථානයේ සේවය කරන අප ග්‍රාමයේ තරුණයකු වන රනිල් ප්‍රියන්ත මහතාගේ අප්‍රමාණ උත්සහය මත හා ගරු.දේශාන් ලසන්ත පියතුමාගේ සේවා කාලය තුල අප ග්‍රාමය ලත් ඉමහත් භාග්ග්‍යක් වන අතර මෙම ශු.ධාතු කරඞුව අනික් ශු.ධාතු කරඞු අතරින් සුව්ශේෂී ස්ථානයක් ගනී. ශු.ධාතු කරඞුව ශු.සෙබස්තියන් මුනිතුමන්ගේ ශු.ධාතු කරඞුව නමින් හැදින් වුවත් ශු.සෙබස්තියන් මුනිතුමන්ගේ අස්ථි ධාතුව අතුලත්ව ශු.කතෝලික සභාවේ ප්‍රධාන නාම සාන්තුවරු 09 දෙනෙකුගේ ශු.ධාතුද මෙම කරඞුවට ඇතුලත් වේ. ශු.අන්තෝනි මුනිතුමන් ගේ හා අසීසියේ ශු.ප්‍රැන්සිස් මුනිතුමන් ගේ ශු.ධාතුන් ද මේ අතර වේ. මා ඔබ සැමගෙන් ඉල්ලා සිට්න්නේ,ශු.කරඞුව නැවත දේවස්ථානයට ලැබෙනු වස් අප දෙව්තුමන්ටද, ශු.සෙබස්තියන් මුනිතුමන් ගේ මැදහත් කම ලැබෙන ලෙසද යාච්ඤා කරන්න යනුවෙනුයි.

1

2

3

20374338_2021610331405319_7238051409389423068_n

20431607_2021610361405316_6927996207721949197_n

 

සුජීව නිරෝශන්
ශු.සෙබස්තියන් දේවස්ථානය

( උපුටාගැනීම  – https://www.facebook.com/St-Sebastion-Church-Katunayake-1641429502756739/?hc_ref=ARRFWpRGIGlROsr83cMiOHt1t26aQNlzNPJrXD9XcAFWlds0GuxvU72rjeyTRRu3iZA – කටුනායක ශු.සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථාන නිල ෆෙස්බුක් පිටුව)