”ජාතිවාදී ලොකු තාත්තලාද නිහඩය. මක්නිසාදයත් වරාය විකුණන්නේ බෞද්ධ චීනයටය”.???

0
50
Hambantota_Port_Docks_two_shipsහම්බන්තොට වරාය චීනයට බදුදීමට විරුද්ධව ප්‍රබල විරෝධයක් ඉදිරිපත් කිරීමට කිරීමට කිසිවකුට නොහැකිවී ඇත. දේපල විකිණීම සම්බන්ධයෙන් හත්පොලේ ගාගෙන සිටින රාජපක්ෂ කල්ලිය සහ ඊනියා ඒකාබද්ධ විපක්ෂ බයිලා කියති. ජේ.වී.පී. සහෝදරයන්ට කරන්නට සිදුව ඇත්තේද සාම්ප්‍රදායික විරුද්ධ වීමක් පමණි. ජාතිවාදී ලොකු තාත්තලාද නිහඩය. මක්නිසාදයත් වරාය විකුණන්නේ බෞද්ධ චීනයටය. රාජපක්ෂ රෙජීමය විසින් කරන ලද මෙගා සංවර්ධන ව්‍යාපෘති ක්‍රමවත් සැලසුමකින් තොරව යටිමඩි ගසා ගැනීමට කල බව චීනය හොදින් දැන සිටියාය. ඉවක් බවක් නැතිව ඔවූහු අපිට ණය දුන්නේ ඒනිසාය. “කුනු බල කරවල කෑවා නම් වමාරපිය බලලෝයි” චීනය අපට පස්ස පැත්තෙන් හිනාවෙයි. ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ රටේ සම්පත් සංවර්ධන අරමුණු වෙනුවෙන් දිගුකාලීනව වෙනත් රටවල් වලට බදු දීම සාමාන්‍යයෙන් සිදුවේ. තම දේශයේම කොටස් දෙකක් බලවතුන්ට චීනය බදුදී තිබුනී. ඒ හොංකොං සහ මකාවු රටවල්ය. මේ වනවිට ඒ රටවල් තමන් සතු කරගැනීමට චීනයට හැකිවී ඇත. එවැනි ආකාරයෙන් රාජ්‍යයක් නිර්මාණය වීමක් හම්බන්තොට වරාය බදු දීමෙන් සිදු වන්නේ නැත. වෙනත් විකල්පයක් නැති නිසා නොව මෙම බදු දීම අප සංවර්ධන අරමුණු මුල් කරගෙන බැලිය යුතුය. තමන්ට බලය නැති කල සියල්ලටම විරුද්ධ වන දේශපාලකයෝ අවස්ථාවාදීන්වේ..
අරුණ ශාන්ත නෝනිස්

Save

Save