දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනයක් හෙට

0
44

චීනයෙන් ගෙන්වනලද බලවේග කට්ටල වල ක්‍රියාකාරීත්ව,එහි තිරංග වල ඇති ප්‍රශ්ණ වැනි ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකිරීමට තම සංගමය තීරණය කල බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය ප්‍රකාශ කොට තිබෙනවා.

දුම්රිය එන්ජින් ක්‍රියාකරුවන්ගේ සංගමයේ ලේඛම් ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ දුම්රිය රියදුරන්ගේ කාර්යයන් සහයක රියදුරන් වෙත පැවරීම තවමත් නිසි ක්‍රමවේදයන්ට අනුව සිදුනොවන බවයි. ඒ හේතුවෙන් පසුගිය ජුලි 11වනදා සිදුකිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අග්‍රාමාත්‍ය ලේඛම් සමන් ඒකනායක මහතා මේ ගැටළුව විසදීමට දුන් පොරොන්දුව මත අත්හැරීමට තීරණය කලත් මේ වනතෙක් ඒ ක්‍රියාවලියේ කිසිදු වෙනසක් සිදුනොවී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරනවා.

එලෙසම චීනයෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි හා එන්ජින් මැදිරි හා චීන බලවේග කට්ටල සහිත S10 දුම්රිය ධාවනය අද රාත්‍රීයේ සිට අත්හිටුවීමට තීරණය කර ඇතිබවත් දොඩංගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

index