අන්තර්ජාල බදු මුදල් පහත දැමිම වෙබ් මාධ්‍යවේදින්ගේ පැසසුමට

0
108

 

20882028 1842558509094239 7430882804324791976 n

පසුගිය අයවැයෙන් වැඩි කරන ලද අන්තර්ජාල බදු මුදල් පහත දමන ලෙස නව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතාගෙන් පසුගිය දා කරන ලද ඉල්ලිමක ප්‍රතිඵලයක් ලෙස, ඊයේ 17 දින රජය විසින් අන්තර්ජාල පහසුකම් මත පනවන ලද බදු මුදල් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය ප්‍රසාදය පලකල අතර එම සහනය තවත් පුළුල් කරන ලෙස ද ඉල්ලීමක් කළහ.

එම සංගමය මේ බව ප්‍රකාශ කලේ රජය විසින් ගන්නා ලද ඒම ක්‍රියා මාර්ගය සහ අනෙකුත් ගැටලු පිළීබද මාධ්‍ය දැනුවත් කිරිම සදහා අද දින 18 කොළඹ දි පැවතී මාධ්‍ය සාකච්ඡාවක දීය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ සහ එම සංගමයේ කමිටු සාමාජිකයන වන සමබිම වෙබ් අඩවියේ ප්‍රබෝධ චින්තක, ඉන්ෆෝ ශ්‍රී ලංකා නිවුස් වෙබ් අඩවියේ කතෘ විමුක්ති දුෂාන්ත, ගොසිප් 99 වෙබ් අඩවියේ කතෘ කවිඳු ඩිල්ෂාන්, ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියේ කතෘ නිලන්ත ඉලන්ගමුව යන මහත්වරුන් ද අදහස් දැක්විය.

20882577 1842558692427554 2015293233169731600 n

20914491 1842558689094221 2430999326906370635 n

www.dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here