මීගමු උසාවියේ නඩු මිනුවන්ගොඩට ඇද්දේ කව්ද ? කාගේ උවමනාවටද ?මීගමුව නීතිඥ සංගමයේ විරෝධය !

0
148

NGB court 4NGB court 1
කටුනායක සහ ගුන්තොටුපළ පොලිස් බලප්‍රදේශය තූළට අයත්වන නඩු මීගමුව අධිකරණයෙන් ඉවත්කර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට මාරුකිරීමට සම්බන්ධ ගැසට් නිවේදනයක් මෑතක සිට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ක්‍රියාවලියට සිය විරෝධය පළකරමින් ඒ සදහා හේතු දක්වමින් මාධ්‍ය හමුවක් අද (21) මීගමුව අධිකරණය තුළදී මීගමුව නීතිඥ සංගමය විසින් පවත්වන ලදී. මෙම අවස්ථාවට මීගමුව නීතිඥ සංගමය, මීගමුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත ඇතුළු නියෝජිත පිරිසක් ද බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි නීතිඥ රෝස් ප්‍රනාන්දු මහත්මිය ද සහභාගී වූහ.
මෙහිදී මීගමුව නීතිඥ සංගමයේ නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලද්දේ මෙම ගැසට් පත්‍රය මගින් ක්‍රියාත්මක කරවා ඇති කටුනායක හා ගුවන්තොටුපළ පොලිස් බලප්‍රදේශ තුළ ඇති නඩු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනයාමෙන් මහජනතාවට විශාල පීඩාවකට මුහුණ දීමට සිදුවන බවයි.එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා අපරාධ දෙපාර්තමේන්තුවේ යටතේ පවත්වන නඩු වලදී විශාල ගැටළුවක් මෙම ගැසට් කිරීම නිසා ඇතිවන අතර රේගුවෙන් අත්අඩංගුවට ගන්නා නඩු භාන්ඩ මිනුවන්ගොඩ දක්වා ප්‍රවාහනය කිරිමේදීද ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න රාශියක් ඇතිවිය හැකි බව නීතිඥ සංගමය විසින් ප්‍රකාශ කරන ලදී.NGB court 3NGB court 6NGB court 2
මීගමුව අධිකරණ සංකීර්ණය නීතිඥවරුන්ට,නඩුකාරවරුන්ට හා තානාපති සේවයේ නිලධාරීන්ට මෙන්ම මහජනතාවට විශාල පහසුකම් රාශියකින් යුක්තව විශාල වියදමක් දරා ඉදිකර ඇති අධිකරණ සංකීර්ණය ඉදිකර තිබේ.
එමෙන්ම . මීගමුව රෝහල, මීගමුව බන්ධනාගාරය, කටුනායක ගුවන්තොටුපල ,මීගමුව අධිකරණ සංකීර්ණය හා අධිකරණ කටයුතු සමග බැදී පවතින අතර මීගමුව අධිකරණයෙන් මෙම කටුනායක සහ ගුවන්තොටුපළ බලප්‍රදේශ වල නඩු ඉවත්විම යනු සංකීර්ණ ගැටළු රාශියක් ඇතිකරමින් බලවත් මහජන පීඩාවක් ගෙන දෙන කරුණක් බව නීතිඥ මහත්ම මහත්මීන් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී
මෙම  විශේෂ ගැසට් නිවේදනය හිටුප අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදුකරඇති අතර එවැන්නක් සිදුකර ඇත්තේ මිනුවන්ගොඩ සිටින ඇතැම් නිතිඥ මහත්න් සහ මහත්මින් පිරිසගේ උවමානව නිසාද යන්න පිළිබදවද දැන් කථා බහක් මතුව තිබේ.

Save