බණ්ඩාරනායක ගුවන්තොටුපලේ online check-in බිදවැටීමෙන් මගීන් දැඩි අපහසුතාවයක..

0
63

airport-123_0

ඊයේ දිනයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ online computer check-in පද්ධතිය බිද වැටීමේ නිසා මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. ඊයේ දිනයේදී සිදුවූ මෙම පද්ධතිය බිද වැටීමේ සිදුවීම ලොවපුරා ගුවන්තොටුපලවල් විශාල ප්‍රමාණයකින් වාර්ථා වූ බවයි බණ්ඩාරනායක් ගුවන්තොටුපලේ කළමණාකරු පවසා සිටින්නේ.

මෙහිදී සිදුව ඇත්තේ online check-in systems සහ Advanced Passenger Processing සම්බන්ද Amadeus Altea මෘදුකාංගයන් පැය දෙකක කාලයක් තුල ක්‍රියාත්මක නොවීමයි. ඒ නිසා මගීන්ට අවශ්‍ය boarding passes මුද්‍රණය හා මගීන්ගේ ගුවන්ගමන් බලපත්‍රයේ සදහන් තොරතුරු ලාබගැනීමේ හැකියාව ඊයේ සවස 2.30 සිට සවස 4.30 දක්වා ඇණ හිටීම නිසා මෙම තත්වය ඇතිවී තිබෙනවා. කෙසේ හෝ ගුවන්තොටුපලේ කාර්යය මණ්ඩලය විසින් මගීන්ගේ boarding pass ලිඛිතව ලබාදීමට කටයුතු කර තිබෙනවා.