පාක් කරන කාර් එකකට රු 50 ක් කඩන කොමසාරිස් ලෙනාඩ්ලාට අතදිග හැර හොරකම් කරන්න ඉඩදෙයි ?

0
75

bribery-1newමීගමුව මහනගර සභාවේ අදායම වැඩිකිරිම හැම විනාඩියක හිතන මීගමුව නාගරික කොමසාරිස්වරයා නගරයේ නවතාලන මෝටර් රථයකින්ද දැන් රු 50 ක් අයකරන්නට පටන්ගෙනය.
තතු එසේ වෙද්දි මීගමුව මහනගර සභාවට අයවිය යුතු රුපියල් කෝටි ගණනක අදායම අහිමිකරමින් මීගමුවේ සංවාරක කලාපයේ හෝටල්වලට හොර වරිපනම් ගාස්තු සකසා දි ලක්ෂ් ගණනින් මුදල් ගසා කන්නට මීගමුව මහනගර සභාවේ ලෙනාඩ් ඇතුළු හොර සේවකයන් කල්ලියට ඉඩලබා දි තිබිම අද ප්‍රසිද්ධ රහසකි.
මේ නිසාම ලෙනාඩ් නැමැත්තාට රුපියල් කෝටි ගණනක් වටිනා නිවසක් ඉදිකරගැනිමටත් හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථයක් ලබාගැනිමට හැකිව තිබේ.
ලෙනාඩ් නැමැත්තා මීගමුව හිටපු නගරාධිපතිවරයා හා එක්ව සමුපකාරයක සේවය ඉතාම සුළු සේවකයෙකි.
එහෙත් නගර සභාවට හිමිවිය යුතු අදායම්  ලක්ෂ ගණනින් පිල්ලි යවමින් අද ඔහු කෝටිපතියෙකු වි තිබේ.