වයඹ පළාත් පරිසර අධිකාරිය මැක්සීස් ආයතනය නළවයි ?

0
211

22154365_1785660204810038_276764214655329213_n 22140957_1785660144810044_6303403824994181329_nකුකල් මස් නිශ්පාදන ආයතනයක් වන මැක්සි හවුස් ආයතනයේ නිශ්පාදානාගාරය පිහිටා තිඛෙන්නේ වෙන්නප්පුව කොස්ගස් හන්දිය නම් ප්‍රදේශයේයි. වෙන්නප්පුව මැක්සීස් ආයතනයෙන් පිටකරන අපද්‍රව්‍ය ගිං ඔයට පිටකිරීම සදහා එම ආයතනයේ සිට ගිං ඔයට නලයක් භූගත කර ඇති අතර මේ සම්බන්ධයෙන් දැනට වසර 15 කට පෙර සිට මෙම ප්‍රදේශයේ ජනතාව චෝදනා එල්ල කරති. මෙහි අලුත් ප්‍රවෘත්තිය වන්නේ ලංකාදීප පුවත්පත විසින් මේ මෑතදී නැවතත් මෙම ප්‍රශ්නය මතුකොට මේ පරිසර දූෂණය සම්බන්ධයෙන් බලධාරින්ගේ මූණට දමා ගැසීමයි. ඉන්පසු  වයඹ පළාත් පරිසර අධිකාරිය  සහ අදාළ ප්‍රාදේශීය නිලධාරින් පැමිණ විමර්ශනයකින් අනතුරුව නැවත අපද්‍රව්‍ය මුදා නොහරින ලෙසට මැක්සීස් පරිපාලනයට දැඩිසේ අවවාද කර ඇති අතර නැවත ඒ ආසන්නයේ ජීවත්වන කිසිවෙකු හෝ පැමිනිලි කළහොත් මෙම නල මාර්ග ඉවත්කිරීමට කටයුතු කරන බවත් දැනුම් දී තිඛේ.
වසර 20කට ආසන්න කාලයක් මැක්සීස් ආයතනයේ සත්ව අපද්‍රව්‍ය මෙම නලය හරහා  ගිං ඔයේ අතු ගංගාවට මුදාහළ අතර මෙය නවත්වා දැමීමට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ  පරිසර අංශයට නොහැකිවූයේ මේවාට ඉහළින් බලවත් හස්තයන් ක්‍රියාත්මක වූ නිසාය.  එමෙන්ම මුදල් වලට මේ සියල්ල යට ගැසූ නිසාය.
එසේ යට ගැසුණ මෙම පරිසර විනාශය මෙපමණ කාලයක් ඉකුත්වූ පසුත් සම්පූර්ණයෙන් නවත්වා සිදුකර ඇති පරිසර විනාශය සම්බන්ධයෙන් මැක්සීස් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතව තිබියදී වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් ගෙන ඇති ප්‍රාථමික තීරණයෙන් පෙනී යන්නේ ඔවුන් තවත් සහනයක් මැක්සි හවුස් ආයතනයට ලබාදී ඇති බවයි.
වෙන්නප්පුව නයිනමඩම  යන ප්‍රදේශ වල ගිං ඔයට අපද්‍රව්‍ය මුදාහරින සියලූම කර්මාන්ත ශාලා සහ හෝටල් ඇති අතර ඒවාට එරෙහිව තවමත් පරිසර නීතිය ක්‍රියාත්මක වන පාටක් පෙනෙන්නට නැත.


ඡායාරූප  – චන්දන ප්‍රනාන්දු