උද්ඝෝෂණ කිරීමට හැමෝටම අයිතියක් තියෙනවා -ජනපති යාපනයේදි කියයි

0
73

FB_IMG_1508034824008FB_IMG_1508034818240උද්ඝෝෂණ කිරිමට සැමට අයිතියක් තියෙනවා යැයි ජනපති යාපනයේදි කියද්දි පොලිසිය ඒ වන විටත් අධිකරණ නියෝග ගෙන  තිබුනේ උද්ෙඝා්ෂණ සිදුනොකිරිම ට පමණක් නොව තිදෙනකු ගේ නම් සදහන් කරමින් ඒ අයට උද්ඝෝෂණවලට සම්බන්ධ විමට බැරි අයුරින්ද අධිකරණ නියෝගයක් ගෙන තිබුණි.
තතු එසේ  වුවද විරෝධතාවය පැවැත්විණි.
මග දෙපස කළු කොඩිද දමා තිබුණි.
ඊයේ ජනාධිපති වරයා උද්ඝෝෂකයන් හමුවිමට යන්නේ මෙවන් පසුබිමක් තුලය.
නඩු නොමැතිවම රිමාන්ඩ් කර වවුනියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරයට යවා තිබෙන දෙමළ සිරකරුවන් තිදෙනකු යළිත් වවුනියාව බන්ධනාගාරයට ගෙන එන ලෙස ඉල්ලමින් පිරිසක් ඊයේ දිනයේත් යාපනයේදීත් ,කොළඹදිත්  උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම විරෝධතා සම්බන්ධයෙන් අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබූ අතර යාපනය අධිකරණය ,යාපනය හින්දු විද්‍යාලය හා යාපනය ආණ්ඩුකාර කාර්යාලය අසල විරෝධතා පැවැත්වීම තහනම් කරමින් එම අධිකරණ නියෝගය පනවා තිබිණි.

කෙසේ වෙතත් මෙම විරෝධතාවය සැලසුම් කළ පරිද්දෙන්ම පැවැත්වුණ අතර මෙම උද්ඝෝෂකයන් හමුවිමටද ජනාධිපතිවරයා ගොස් තිබුණ මේ ප්‍රශ්ණය පිළිබදව ඉකමනින් සාකච්ජාවක් ලබාදෙන බවද පවසා තිබුණි.

අද යාපනයේ හින්දු විදුහලේ පැවැති උද්ඝෝෂණයේදි තවදුරටත් මේ ගැන අදහස් පළකරමින් කියා තිබුනේ උද්ඝෝෂණ කිරීමට ඕනෑම අයකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ඇති බවත් තම වෑයම රට වනසන යුද්ධයකට යළිත් ඉඩ නොතබා සියලූ ජාතින්ට එකට ජීවත්විය හැකි සාමකාමී සාධාරණ සමාජයක් ගොඩනැගීම බවය

භාෂාව මිනිසුන් වෙන් කිරීමට නොව මිනිසුන් එක් කිරීමට පාලමක් කරගත යුතුයි.භාෂාව හේතුවෙන් මිනිසුන් වෙන්කළ යුතු බව ඇතැමුන්ගේ අදහස වුවත් මනුෂ්‍යත්වය අගයන සැබෑ මිනිසුන් ලෙස රටේ සෑම භාෂාවකටම ගරු කළ යුතුයි වගේම එම භාෂා හැදෑරිය යුතුයි.

කළු කොඩි වෙනුවට සාමයේ කොඩි ලෙළදවමින් මතු පරපුරේ අපේක්ෂා ඉටුකිරීමට යන ගමනට සහය වන ලෙස සියලූ උදේඝෝෂකයින්ට ආරාධනා කරනවා.“යැයි ජනපතිවරයා පැවසීය

ජාතික සංහිඳියාව රටේ සංවර්ධනයට බෙහෙවින් බලපායි.මනුෂ්‍යත්වය අගයන සැබෑ මිනිසුන් වශයෙන් සෑම භාෂාවකටම ගරු කළ යුතු වේ. එම භාෂා හැදෑරීම යුගයේ අවශ්‍යතාවක් බව එතුමා පෙන්වා දෙයි. යාපනයේ හින්දු විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති දෙමළ භාෂා දින ජාතික උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසිය.

යාපනය හින්දු විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණ. දෙමළ භාෂා දින තරගවල ජයග්‍රාහක සිසුන්ට තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදි සිදු විය. දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයේ උන්නතියට කළ සේවය අගයමින් උපහාර හා සම්මාන ප්‍රදානය කෙරිණ.
ඒ අතර වව්නියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරයට යැවු දෙමළ සිරකරුවන් තිදෙනෙකු යලිත් වව්නියාව බන්ධනාගාරයට ගෙන එන්නැයි ඉල්ලමින් සුඵ් පිරිසක් යාපනයේදී අද උද්ඝෝෂණයක නිරත වුහ. කඵ කොඩි ඔසවමින් උද්ඝෝෂණයේ නිරත වු පිරිස හමුවේ එතුමා ප්‍රකාශ කළේ පවතින ගැටඵ පිළිබදව සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සුදානම් බවයි. කඵ කොඩි වෙනුවට සාමයේ කොඩි ලෙළවා මතු පරපුරේ අපේක්ෂා ඉටු කිරීමට දායක වන්නැයි එතුමා එම පිරිසගෙන් ඉල්ලීමක් කළේය.