සුදර්ශණි ඇමති තුමිය පොළේ යයි !

0
40

 

සුදර්ශණි 1දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ ජන්ම දිනයට සමගාමීව මුල් ගල තබන ලද සීදූව මංසන්දියේ අලුතින් ඉදි කළ නව පොල භූමිය නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අතින් අද 2017.10.12 විවෘත කරන ලදී.සුදර්ශණි 2

කටුනායක සීදූව නගර සභාවේ ප්‍රතිපාදන මත ඉදි කරන ලද මෙම පොල භූමිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළේ “ එදා මෙම භූමිය මඩ වගුරක්ව පැවති නිසා මාර්ගය දෙපසද වෙළදාම් කටයුතු සිදුකළ අතර පාරේ ගමන් කරන රථවාහන සහ පදිකයින්ට අපහසුතා ඇති වූ බැවින් සීදූව මංසන්ධියේ මාර්ග තදබදයක් ඇති වීමටද හේතු වුනා.නගරසභාවේ හිටපු සභාපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මැදැහත් වීම මත මෙම පොල භූමිය අලුතින් ඉදි කොට මේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය බඩු බාහිරාදිය පහසු මිලට ලබා ගැනීමට හැකියාව දැන් ලැබී තිබෙනවා.එමෙන්ම පරිසර හිතකාමී ලෙස මෙම ස්ථානය පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ඇය වෙළදුන්ගෙන් ඉල්ලා සිටියාය.”සුදර්ශණි 3

මෙහිදී බඩු මිලදි ගන්නා අවස්ථාවේ දී වෙළෙද මහතුන් ලබා දුන් පොලිතින් බෑග් ප්‍රතික්ෂේප කළ ඇය තමා විසින් රැගෙන ආ ප්‍රතිචක්‍රීකරණ කළ හැකි බෑගයක් ඒ සඳහා භාවිත කිරීම දක්නට ලැබුණි.

නදීර ප්‍රනාන්දු පියතුමන්ද අදහස් දැක්වූ අතර ලියෝ කැමිලස් පියතුමන් සහ කටුනායක සීදූව නගර සභාවේ හිටපු සභාපති ඩිනල් පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Save