මීගමු බන්ධනාගාර නිලාධාරීන්ගේ අපරාධ රැසක් හඬ පටයක් සමඟ එළියට!

0
51

මීගමුව බන්ධනාගාරයෙදි පසුගිය දිනක එහි රැදවියෙකු හට එල්ලකරන්නට යෙදුන පහර දිමක් හේතුවෙන් දැනට මීගමුවේ රෝහලේ 6 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
මේ පහරදිම හේතුවෙන් ඔහුගේ අතක් කැඩි ඇත.
මේ සිදුවිම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ඉහල නිළධාරියෙකුගෙන් කරන ලද විමසිමකදි කියා සිටියේ අදාල රැදවියා හා තවත් රැදවියෙකු අතර වු ගැටුම බේරිමට යාමේදි මේ තත්වය මතුව ඇති බවයි.

මීගමුව බන්ධනාගාරය තුල බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකරන ලබන අමානුෂික පහරදීම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියකු විසින් කළ ප්‍රකාශයක හඬ පටයක් මේ වන විට අන්තර්ජාලට මුදාහැර තිබේ. මෙහිදී බන්ධනාගාර රෝහල තුළදී නිලධාරීන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් මෙම මාසය තුලදී මරණ තුනක් සිදුවූ බවද සඳහන් වේ.

පසුගියදා දිවූලපිටිය පොලිසිය විසින් පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ මරණයද බන්ධනාගාර නිලධාරීන් විසින් නිසි සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් සිදුවූ බවද මෙම හඬ පටයෙන් පැහැදිලිවන අතර, නිලධාරීන්ගේ නම් සහ තනතුරු මෙහිදී පැහැදිළිවම සඳහන්වේ.

සිරකරුවාගේ ප්‍රශ්ණය

Save

මුලාශ්‍රය -www.aithiya.lk