වෙන්නප්පුවේ ඩෙංගු වසංගත තත්වය මඬින්න ඒකාබද්ධ වැඩපිළිවෙලක්

0
88

 

වෙන්නපුව එම් ඔ එච් කලාපයේ ආසන්නතම මරණය වාර්තා වන්නේ මාටින්ද පෝරස් මාවතෙනි. ඇය ගීතා ශිරෝමි නම් 39 හැවිරිදි මවක් වන අතර ඇගේ පුතාටත් ඩෙංගු වැළදී තිබේ.
පසුගිය කාලය තුළ වෙන්නප්පුවේ සිරිගම්පල කොළනිය ලෙස හැදින්වෙන ප්‍රදේශයේ ඩෙංගු රෝගයපැතිර ගිය අතර එය මේ වනවිට මර්ධනය වී ඇති බව එම්..එච් කාර්යාලය පවසයි. මෙම සිරිගම්පල ප්‍රදේශයේ නිවෙස් වල ජලය ලබාගැනීමට සාදා ඇති නල ලිං ඇතුළත ඩෙංගු මදුරැවන් බහුලව බෝවී සිටිය බවද මහජන සොඛ්‍ය නිලධාරීන් පවසති.


වෙන්නප්පුව ප්‍රදේශයේ ඩෙංගු ව්‍යාප්තිය සහ මර්ධනය කිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව සාකච්ඡාවක් අද වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේදී ප්‍රාදේශීය සභාපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්විණි
.මෙම සාකච්ඡාව සදහා වෙන්නප්පුව මහජන සෞඛ්‍ය නිලධාරිණිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද, වෙන්නප්පුව පොලිසියේ ප්‍රධාන නිලධාරීන් හා මාධ්‍යවේදීන් ද සහභාගී වූහ. එහිදී අවධාරණය වූ කරැනු අතර
ඩෙංගු රෝගය වලක්වාගැනීම සදහා ලැබෙන මහජන සහය ප්‍රමාණවත් නොවන බවත් වෙන්නප්පුව ප්‍රදේශයට ආවේණික වූ විශේෂ ප්‍රශ්නයක් ලෙස පොදු වැඩ වලදී තරුණ තරැණියන්ගේ දායකත්වයේද අඩුපාඩුවක් ඇති බව අවධාරණය විය.

එමෙන්ම මෙම ප්‍රදේශයේ ජීවත්වන බහුතරයක් දෙනා ඉතාලියේ රැකියා කරන පසුබිමක ඔවුන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමත් එම නිවෙස් අවට ඩෙංගු මදුරැවන් සිටිනවාද යන්න හෝ එයට අදාළ පිරිසිදු කිරීමේ කටයුතු නිසි පරිදි සිදුනොවන බවත් ප්‍රකාශ විය.
වෙන්නප්පුව වැනි අධික ජනගහනයක් සිටින  නගරයකට මහජන සෞඛ්‍ය කාර්යාලය සතු මානව සම්පත් මෙන්ම අනෙක් ප්‍රධාන අවශ්‍යතාවයක් වන වාහන පහසුකම් ප්‍රමාණවත් නොවන බවද මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිලිතුරැ දෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරිය සදහන් කර සිටියාය. එම පහසුකම් ලබාගැනීම සදහා අදාළ වගකිවයුතු ආයතන දැනුවත් කර ඇති බව ද එතුමිය සදහන් කළාය.
වෙන්නප්පුවේ ඩෙංගු මර්ධනය පිළිබදව ජනතාව දැනුවත්කිරීමේ හා ඩෙංගු මදුරැවන් පරීක්ෂා කිරිමේ වැඩසටහනක් නොවැම්බර් මස 10 වෙනිදා  උදේ වරුවේදී ආරම්භ කිරීමට සුදානම් කර ඇති බව ප්‍රාදේශීය සභාපතිවරයා දැනුම් දුන් අතර මෙම වැඩසටහන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව හා වෙන්නප්පුව එම්..එච් කාර්යාලයත් පොලීසියත් එක්ව සිදුකිරීමට නියමිතය.

මෙම වැඩසටහන ඩෙංගු වර්ධනය වැඩිවී ඇති කලාප වන මැද වෙන්නප්පුව, නැගෙනහිර වෙන්නප්පුව,උතුරැ වෙන්නප්පුව හා බටහිර දුම්මලදෙණිය යන ප්‍රදේශ වලදී  සිදුකිරිමට නියමිතය.