ජාතික තරුණ සේවා සභාවේ තරුණ කණ්ඩායමක් නේපාලයට

0
119
DSC00093එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ලැබීමට සුදුසුකම් ලබා ගැනීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ කණ්ඩායමක් ඊයේ ( 23 ) නේපාලය බලා පිටත්ව ගියේය.
 ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් නීතිඥ  එරන්ග වැලිඅන්ගේ මහතාගේ උපදෙස් හා ජාතික අධ්‍යක්ෂක තිස්ස සමරසින්හ මහතාගේ යෝජනාවකට අනුව යෞවන තිළිණ ප්‍රධාන අන්ශය මගින් මෙම ගවේශණ චාරිකාව සන්විධානය කර ඇත.
ප්‍රථම වරට ජාත්‍යන්තර ගවේශණ වැඩ සටහනකට සහභාගී වන මෙම කණ්ඩායම ට තිළිණ නායකයින් හත් දෙනෙක්  හා ලෝකඩ හා රජත තිළිණ අපේක්ෂකයින් 17 දෙනෙක් ඇතුලත්වේ.
යෞවන තිළිණ ප්‍රධාන සඳහා අපේක්ෂකයින්  සේවා, කුසලතා, ක්‍රීඩා හා ගවේශණ චාරිකා යන අන්ශ වලින් දක්ෂතා දැක්වියයුතු බව යෞවන තිළිණ අන්ශයේ විධායක ලේකම් පී. එස්. ගෞතමදාස මහතාඅ දිනමිණ ට පැවසීය.
ගාල්ල රුහුණ ජාතික අධ්‍යාපන පීඨය, පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන පීඨය, බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, කෑගල්ල විද්‍යාලය හා මඩකලපුව සිවනන්ද විද්‍යාලය යන ආයතන වල
 ස්ථාපිත යෞවන තිළිණ ඒකක වලින් මෙම කණ්ඩායම තෝරා ගෙන ඇත.

සටහන හා ඡායාරූපය 
කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ