දුංගාල්පිටියට අලුත් පොලීසියක්

0
119

දුංගාල්පිටිය  ග්‍රාමයට නව පොලිස් ස්ථානයක් අභිනවයෙන් පිහිටුවීමේ  උත්සවයක් අද පෙරවරුවේදී දුංගාල්පිටියේදී  පැවැත්විණි. දිවයින පුරා පොලිස් ස්ථාන 600ක් පිහිටුවීමේ ව්‍යාපෘතියට සමගාමීව අද 491 වෙනි පොලිස් ස්ථානය දුංගාල්පිටියේදී පිහිටවනු ලැබීය. මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ (බ.පළාත් උතුර) ,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන, මීගමුව කොට්ඨාශ භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අනුර සේනාරත්න ,මීගමුව සහකාර පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ ,මීගමුව පොලිස් ස්ථානාධිපති උදයකුමාර් වුඩ්ලර් , දුංගාල්පිටිය   මූළස්ථාන පොලිස් පරීක්ෂක ටී.ආර්.යූ.එස්.සී. රණසිංහ යන මහත්වරුන් සහභාගී වූහ. මීගමුව මහ නගර සභාවේ නිලධාරීන් හා ආගමික නායකවරුන්ද මීගමුව පොලිස් කොට්ඨාශයට අයත් සියලූම පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මෙම නව පොලිස් ස්ථානයට අයත්  පොලිස් බල ප්‍රදේශය වර්ග කි.මීටර් 9.3කින් සමන්විත වන අතර ඇතුළත් වන ජනගහනය වන්නේ 32500කි.DSCF0414 DSCF0418 DSCF0391 DSCF0408ඡායාරූප – ප්‍රියප්‍රේම මානික්කරත්න