හරක් හොරකමටත් දැන් හයිබ්‍රිඩ් !

0
71

දැන්  ලංකාවේ සියල්ල මොඩන් වෙමින් තිබේ. හොරු අල්ලනවා යැයි කියා යහපාලනයට දැන් හොරු ලේසියෙන් අල්ලාගැනිමට නොහැකිව ඇත්තේද  මේ ඇතැම් හොරුන්  බොහොමයක් කර ඇති හොරකම් හරිම ස්මාර්ට් විදියට සිදුකර තිබිම නිසාය.
මේ නිසා දැන් හොරකමක් හරිම මොඩන්ය.
පසුගිය දිනක  හොරකම් කර ගත් වසු පැට්ව් දෙදෙනෙකු ප්‍රවාහනය කිරිම සදහා හයිබ්‍රිට් මොටර් රථයක් යොදගෙන තිබුණු අයුරු මෙයට කදිම නිදසුනකි.
මේ හයිබ්‍රිඩ් මෝටර් රථය අලුත්ගම පොලිසියේ සහාය ඇතුව වැලිපැන්න පොලිසිය අත් අඩංගුවට ගෙන තිබුණි.
නුගගහලන්ද ප්‍රදේශයේදී වසු පැටවකු සහ රිටිකැටිය ප්‍රදේශයේදී මී ගව පැටවකු සොරකම් කොට  හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක පටවාගෙන ගිය බවට සිද්ධිය ඇසින් දුටුවෙකු වැලිපැන්න පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පරීක්‍ෂණ පැවැත්වීමේදී දර්ගානගරය ප්‍රදේශයේ වාහන සේවා ආයතනයකට සේදීම සඳහා ගෙනෑවිත් තිබියදී එම හයිබ්‍රිඩ් මෝටර් රථය අලුත්ගම පොලිසිය අත් අඩංගුවට ගෙන වැලිපැන්න පොලිසියට බාරදී ඇත.

ඡායා -දිණමිණ