ලංසා ,කාවින්ද කුමන්ත්‍රණය පරාදයි !අගමැති අතින් රොයිස් හෙට යළිත් පත්විම් ලබයි !

0
58

roies with galanමීගමුව ආසනයේ එජාප ශක්තිය බිදවට්ටමින් ලංසා පවුලේ න්‍යාය පත්‍රයට නැටවිය හැකි ආසන සංවිධායකවරයෙක් පත්කරගැනිම සදහා පසුගිය කාලය තුල ඒකාබද්ධ කුමන්ත්‍රණයක් දියත්ව තිබුණි.
ඒ සදහා මිගමුවේ එජාප සුළුතර කණ්ඩායමක්ද හවුල්ව කටයුතු කළ බව අද ප්‍රසිද්ධ රහසකි.
මේ කල්ලියේ සැලැස්ම වි තිබුනේ මීගමුව ආසනය කෙසේ හෝ රොයිස් විජිතට අහිමි කිරිමය.
එහෙත් දැන් ඒ සියළු කුමන්ත්‍රණ හමාරය .
හෙට (ඔක් 30 ) දහවල් 12.30 ට අරලියගහ මන්දිරයේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීගමුව ආසනයේ සංවිධායකධුරය ලබාගැනිමට නියමිතය.
එජාප මීගමුව සංවිධායක පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා පිළිගැනිම සදහා හෙට දිනයේ සවස 2 කුරණදි සහ ගල්කන්ද හංදියේදි පිළිගැනිමේ උත්සව දෙකක්ද සංවිධානය කර ඇති එහි සංවිධාන කමිටු නිළධාරියෙකු මිපුරට කියා සිටියේය.