ගවයින් ප‍්‍රවාහනය සදහා බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනපතිගෙන් නියෝගයක්

0
122
ගවයින් ප‍්‍රවාහනය කිරීම සදහා බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති
 ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නියෝග කර තිබේ.

නීති විරෝධි අයුරින් ගවයින් ප‍්‍රවාහනය කිරීම ඉතා සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඒ තුළින් කිරි ගව කර්මාන්තයට මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතාවයන්ට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත.ඒ අනුව ගවයින් ප‍්‍රවාහනය පිළිබද විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තෙක් ඒ සදහා බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇති. දැනට ගවයින් ප‍්‍රවාහනය කිරීම සදහා බලපත‍්‍ර නිකුත් කිරීම ප‍්‍රාදේශීය ලේකම් හරහා සිදු වෙයි.

නීති විරෝධි අන්දමින් ගවයින් ප‍්‍රවාහනය කිරීමේදී සිදුවන බරපතළ අනතුරු හා ජීවිත හානි රැසක් පිළිබදව මෙන්ම ප‍්‍රචණ්ඩකි‍්‍රයා ගණනාවක් ද පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තාවී ඇති අතර, ඊයේ (26) දිනයේදී අනුරාධපුරයේ, බුළංකුලම ප‍්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් තරුණියන් දෙදෙනෙකුගේ ජීවිත අහිමිවීමේ ඛේදනීය සිදුවීමක් ද වාර්තා විය.

ඡායාරූප – චන්දන ප්‍රනාන්දු


22780662_1817268838315841_5170433599040644894_n 22780681_1817268771649181_7579292330301884345_n