ඩෙංගු සහ තොරතුරු දැනගැනීමේ අයිතිය

0
119


පසුගිය මාස එකහමාරක් ඇතුළත වෙන්නප්පුව නගරයේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ කී දෙනෙක් ද යන්න දැනගැනීම සදහා දැරෑ උත්සාහයේදී ඔප්පු වූයේ ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබදව රාජ්‍ය නිලධාරීන් තුළ ඇත්තේ  ෙකතරම් අඩු වටිනාකමක් සහිත ආකල්පයක් ද කියායි. නැත්නම් නොදැනුවත්කමක්ද යන්නයි.

මහජන සෞඛ්‍ය සම්බන්ධ දත්ත රැස්කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමට හා ඔවුන් වසංගත රෝග   වලින් ආරක්ෂා කිරීම සදහාය. ඒ සදහා අදාළ ආයතන නඩත්තු වන්නේ මහජනතාවගේ බදුමුදල් වලින්.

දකුණූ ආසියාවේ රටවල් වලින් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI)   වඩාත් පළදායී ලෙස ක්‍රියාත්මක වන රටක් තමයි  ඉන්දියාව. මෙම පනත ඉන්දියාව තුළ  කියාත්මක වුෙණ් 2005දීයි.  තොරතුරු දැනගැනීම සදහා ඇති අයිතිය පිළිබද පනත ඉන්දියාවේ ඉතා ප්‍රශස්ත ෙලස ක්‍රියාත්මක වන බව විද්වතුන්ගේ මතයයි.

. එම පනත ඉන්දියාව තුළත් නිකම්ම ක්‍රියාත්මක වුණේ නැහැ, එකටත් කැපවුණ මහජනතාවක් ඒ වෙනුවෙන් යම් අරගලයක් කළා.
මෙම පනත රටක යහපාලනයට පෙරගමන්කරුවෙකු ලෙස සැලකිම වඩාත් නිවරදි යැයි හැගෙන්නේ පාලනය තන්ත්‍රයේ ඇති විනිවිදභාවය ඇතිකිරීම ම ගින් රටේ නිවරදි විය යුතු තැන් මොනවාද යන්න ජනතාවට දැනගැනීමට ඉඩක් සැලසෙන නිසාය.

එමෙන්ම දූෂණය මැඩපැවැත්වීමට මෙම පනත තිබීම විශාල ආයුදයක් විය හැකියි. පුරවැසියන් රටේ යහපාලනයට සම්බන්ධවීමට නම් ඔවුන්ට අවශ්‍ය ,වැදගත් තොරතුරු දැනගැනීමේ අවස්ථාවක් තිබිය යුතුයි.   මෙය වැලකෙන්නේ තමන්ගේ වගකීම නිවරදිව ඉෂ්ඨ  ෙනාකරන රාජ්‍ය පාලනයක් තුලදීමයි. ඒවගේම තමන්ගේ රාජකාරියට වගවීමට අකමැති ඒ වෙනුවෙන් පසුබට වන රාජ්‍ය යන්ත්‍රයක් තුළදී මෙම අයිතිය ප්‍රතික්ෂේප වීම අනිවාර්යයක්.  විනිවිදභාවයකින් ක්‍රියාකරන නිර්භය රාජ්‍ය යන්ත්‍රයක් තිබෙනවා නම් තොරතුරු දීමට මැලිවන්නේ ඇයි ?

දැන් මෙහෙම පණතක් ක්‍රියාත්මක නොවන තත්වයකදි කම්මැලි රාජ්‍ය නිලධාරින්ටත් ලේසි උත්තරයක් තියෙනවා. අනේ  අපිට නම්  කිසිම තොරතුරක් දෙන්න එපා කියලයි තියෙන්නේ ෂේප වෙනවා.

මාස 5 කට ඩෙංගු මරණ 5 ක් වෙලා තියෙද්දිත් වෙන්නප්පුවේ මේ ගැන  අහන්න ගියාම ලැබෙන්නේ මේ වගේ උත්තරයක්.

ලංකාව සම්බන්ධ ජිනීවා ෙයෝාජනා වලට ද තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරිම ඇතුළත් වී තිෙබනවා. එමෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විශ්ව කාලාන්තර  සමාලෝචන වැඩසටහන සදහා ඉදිරිපත් කරන්නට යෙදුන වාර්ථාවේද එය නිතිගත කළ ුයුතු බවයි.ඒ විතරක් නෙමෙයි ජනාධිපති විසින් පත් කරපු උගත් පාඩම්  හා ප්‍රතිසංධාන කොමිසම ත් තමන්ගේ නිර්දේශ වලත් අවධාරණය කරන්නේ මේකනිති ගත  කරන්න කියලයි.

එය එසේ වුවද තවම මෙම පනත පාර්ලිමේන්තුවේදි සම්මත කිරිමට මෙම රජය අපහොසත්. එබදු තත්ත්වයකදි පාලනය කරගත නොහැකි මෙවැනි වසංගත රෝග තත්ත්වයක් පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍ය‌යට තොරතුරු ලබාදීම පාලනය කිරීම මගින් සිදුවන්නේ තත්ත්වය තවත් නරක අතට හැරීම පමණකි.