රාජපක්ෂ උද්‍යානයෙන් රු.ලක්ෂ 30 ක් හොරකම් කරපු සේවකයන් ගැන කොමසාරිස් පොලිසියට පැමිණිලි නොකළේ ඇයි ?

0
61

Rajapaksha-park-1මීගමුව රාජපක්ෂ උද්‍යානයේ සේවය කළ සේවකයන් දෙදෙනෙකු විසින් පසුගිය වසර 2 ක කාලය තුලදි උද්‍යානයේ ප්‍රවේශපත් අලෙවියෙන් රු ලක්ෂ 30 කටත් වඩා වැඩි මුදලක් හොරකම් කර තිබුණි.
මෙය බරපතල තත්වයකි.
මේ සා බරපතල හොරකමක් සිදුකරන ලද  මේ කම්කරුවන් දෙදෙනාට එරෙහිව  නාගරික කොමසාරිස්වරයා කළයුතුව තිබුනේ පොලිසියේ පැමිණිල්ලක් යෙදිමය.
එහෙත් ඔහු විසින් හිතාමතාම එය මගහැරියේය.
එයට බලපෑ හේතු 2 කකි.
පළමුවැන්න වන්නේ වසර 2 කක් තිස්සේ ලක්ෂ 30 ක මුදලක් නගර සභා කම්කරුවන් දෙදෙනෙකු විසින් මෙසේ හොරකම් කරද්දි ඒ ගැන විමසා බලා එය වලකාලන්නට නාගරික කොමසාරිස්, ගණකාධිකාරි සහ ලේකම්වරියද ඇතුළු සැම අපොෙහාසත්විම නිසා ඒ අයටද වැරැද්දක් වැටෙන නිසා හොරකම ගොඩින් බේරා වැඩ නවත්වා හොරකම් කරන ලද මුදල් යළි ගෙවන්නට යැයි කියා ප්‍රශ්ණය සෑබෑ නීතියෙන් වසන් කර තැබිමටය.
අනික් කරුණ වන්නේ මේ කම්කරුවන් දෙදෙනා පළාත් පාලන නිතිරෙගුලාසි ප්‍රකාරව මුදල් පිළිබදව කටයුතු කිරිම සදහා කිසිදු සුදුසුකම් නැති අය වුවද මේ දෙදෙනා දයාන් ලංසාගෛ් ගෝලයන් විම නිසා ඔහු කියා ඇත්තේ පාරේ තාර වැඩට මේ අයව නොයොදා උද්‍යානයේ ප්‍රවේශපත් කවුළුවට යොදන ලෙසය.ඉතින් දායන් ලංසාගේ ගෝලයන් විම නිසා නාගරික කොමසාරිස්වරයාට මේ සොරුන් දෙදෙනාව අහක දැමිය නොහැක.
මේ කරුණු 2 ක නිසා මීගමුව නාගරික කොමසාරිස්වරයා මේ සොරුන් දෙදෙනාව ආරක්ෂා කර තිබුණි.