නරක් වු පැණි බීම බෝතලයක් ගැන ස්මැක් සමාගමට එරෙහිව නඩු කලාපේ ලලනි !

0
219

ලලනිපැණි බීම බෝතලයක් පානය කිරිම හේතුකොට ගෙන රෝගාතුර වු නිදහස් වෙළද කලාපයේ සේවිකාවක වන ලලනි සොයිසා මහත්මිය මීට මාස ගණකට පෙර මීපුර අමතා අපුරු කථාවක් කියා සිටියේය.
තමන්ගේ සන්නම් නාමය ගැන පමණක් කරදර වන පැණිබිම සමාගම්වලට මෙය කදිම පිළිතුරක් යැයි අප සිතමු.
අදාල දිනයේ ඇය කටුනායක ඇවරිවත්තේ පිහිටි කඩයක් වෙත ගොස් තිබුනේ තිබහට වතුර වීදුරුවක් ඉල්ලාගෙන බිමටය.
එදින ඒ පළාතේ ජල සැපයුම නවතා තිබු හෙයින් කඩ හිමියා ඇයට පවසා තිබුනේ ජලය නැති බවය.පසුව ඇය තේ එකක් ඉල්ලා සිටියද කෝප්ප සොදා නැති නිසා තේ එකක් දිමටද අපහසු යැයි පිළිතුරු ලැබුණි.
පසුව ඇය පැණි බිම බෝතලයක් ගෙන ඉන් උගුරක් පානය කර ඇත.
එය කුණු වි ඇති බවත් වමනය කළ බවත් ඇය කියා සිටියේය.
මෙම සිදුවිම අප මීපුර වෙබ්  අඩවියේ පළවිමෙන් පසුව   ස්මැක් නිෂ්පාදන සමාගම විසින් මිපුර වෙත එවා ඇති ලිපියේ සදහන් වන්නෙ මෙසේය.
විශේෂයෙන් සඳහන් කරනු ලබන්නේ, මෙම කාන්තාවගේ ඊනියා පැමිණිල්ල අනුව, අදාල
වෙළඳසැලේ තිබුණු බීම බෝතල් 13 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් පරීක්ෂා කිරීම
සඳහා රැගෙන ගොස් ඇති බවත්, ඔබගේ පුවත් මගින් දක්වා ඇති පරිදි මෙම වෙළදසැලේ
ඇති සිය ̈ම පළතුරු බීම සීල් තබා ඇති බවට දක්වා තිබුණද මෙම වෙළදසැලේ කිසිදු
පළතුරු බීම බෝතලයක් සීල් තබා නොමැති බවත්ය .තවදුරටත් විෂේශයෙන් සඳහන් කළයුතු වන්නේ, මෙම අදාල බීම බෝතලය සමග මාගේ
සේවාදායක සමාගම විසින් මෙම වෙළදසැලට තවත් බීම බෝතල් 200 ක් පමණ නිකුත් කර
ඇති බවත්, මෙම සිදුවීමට පෙර හා පසු එම බීම බෝතල් තොගයෙන් බීම බෝතල් 180 කටත්
වඩා ප්‍රමාණයක් අලෙවිකර ඇති බවත්, කෙසේ වෙතත් වෙනත් කිසිදු පාරිභෝගිකයෙකු විසින්
මෙවැනි පැමිණිල්ලක් කර නොමැති අතර, කිසිවෙකුට හෝ කිසිදු සංකූලතාවයක් මතුවූ බවට
වාර්තා වී නොමැති බවත්ය.
(උපුටා ගැනිම  නිතිඥ චන්දන මහතා විසින් මීපුරට එවන ලද ලිපියෙනි)
එමෙන්ම 2016 නොවැම්බර් 05 වන දින පෙ.ව.10.17 ට මීපුර වෙබ් අඩවිය අමතා කථා කරමින් ස්මැක් නිෂ්පාදන සමාගමේ නිතිඥවරයා කියා සිටියේ මේ සේවිකාව තම සේවාදායකයාගෙන් යම් වන්දියක් ලබාගැනිම සදහා සංවිධානාත්මක සිදුකරන ලද්දක් විය හැකි බවය.
මේ ගැන ලලිනි කථාව අහන්න.
ස්මැක් සමාගමේ උගත් නිතිඥ මහත්තයගේ කථාව මම තරයේ ප්‍රතික්ෂේප කරනවා.මම ඒ බීම බොතලේ බිපු වේලාවේ මට ඇතිවෙච්ච අමාරුව දන්නේ මම. එ් ගැන ඕන තරම් සාක්කිත් තියෙනවා.මම මේ සිද්ධිය අදාල බලධාරින්ට දන්වන්න කල්පනා කළේ සමාගමක් වහන්න නෙමේ .එහෙම වුනොත් එකේ සේවය කරන සේවකයන්ටත් රස්සා නැතිව යනවා.
නමුත් මට ඕන වුනේ මේ බිම වල මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනව නම් ඒ ගැන අදාල සමාගම දැනුවත් කරන්න.
පොඩිදරුවෙක්ට මට ඇතිවෙච්ච ආමාරුව ඇතිවුණා නම් මොකද වෙන්නේ ….
ඒ හින්ද මම මේ ගැන මැදිහත්වෙන්න කල්පනා කළේ මනුස්ස කමට .ඔය නිතිඥ මහත්තයා කියනව වගේ සංවිධානාත්මක බොරුවක් කරල සමාගමකින් වන්දි මුදලක් ගන්න නෙමේ
මට රස්සාවක් තියෙනව. ඒ හින්ද මම ඒ චෝදනාවට සම්පුර්ණයෙන්ම මගේ විරෝධය පළකරනවා..


මේ පැණි බිම කථාවට වසරක් පිරෙමින් තිබේ එදා මෙදා තුර කාලයේදි ලලනි මේ සටන අතහැරියේ නැත .අති දැවන්ත ස්මැක් සමාගම අභුත චෝදනා ඇය වෙත නගා තිබියදි ඇය නඩු මගට පිවිසෙමින් තම අවනඩුවට යුක්තිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
කෙසේ වෙතත අදාල පැණිබීම තොගය රසපරික්ෂකට යැවු සීදුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පෙරළා ලැබුණ වාර්ථාවේ සදහන් වන්නේ ඒකි පැණි බිම නරක් වි තිබුණු බවය.
දැන් මේ නඩුව අධිකරණය හමුවේ විභාග විමට පටන්ගෙන තිබේ.
යුක්තිය ඉටුකරගන්නා තුරු දිගටම සටන් කරන බව ලලනි යළි යළිත් කියා සිටි….